Thursday, April 23, 2026
Homeදේශීයරට කෑ හොරු, මංකොල්ලකරුවෝ ටික කියනවා අරගලකරුවන් පුනරුත්ථාපනය කරන්න කියලා -...

රට කෑ හොරු, මංකොල්ලකරුවෝ ටික කියනවා අරගලකරුවන් පුනරුත්ථාපනය කරන්න කියලා – තිළිණ අලහකෝන්

අරගලකරුවන් පුනරුත්ථාපනය කිරීම යනු මුදල් මංකොල්ල කෑ, ඒ.සී කාමරවල විභාගය ලියූ.., දුප්පත් මිනිසුන්ගේ සල්ලි වලින් විනෝදවන පිරිස විසින් තවත් එවැනි පිරිසක් බිහිකිරීම සඳහා ඇති අපේක්ෂාවක් බව කතෝලික ගිහි සංවිධාන එකමුතුවේ කැදවුම්කරු තිළිණ අලහකෝන් පවසනවා.

ඒ අනුව අරගලකරුවා කප්පම් ගන්න, මිරිස්කුඩු ගහන, මාල කඩන හොරු.. මංකොල්ලකරුවන් පිරිසක් කරවීම, පුනරුත්ථාපන පනත හරහා සිදුකිරීමට අරමුණු කරගෙන ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ..

පුනරුත්ථාපනය කිරීම තුළින් පාලකයන් අපේක්ෂාකරන ආකාරයේ හොරා කන පිරිසක් බවට අරගලකරුවන් පත්නොවන බව පවසන ඔහු අරගලකරුවන් යනු අනුන්ගේ දේ කකා බිබී පවුල් නඩත්තු කිරීම, අපේක්ෂාව කරගත් පිරිසක් නොවන බවත් ඔවුන් රටට ආදරය කරන පිරිසක් බවත් ප්‍රකාශ කර සිටියා.

රට සෑදීමට සැරසෙන රනිල් වික්‍රමසිංහ යනු කලිසමේ බඳ පටියවත් නිවැරදිව පැළදීමට නොහැකි, ප්‍රමාණයට ගැලපෙන ඇඳුමක් තෝරගැනීමට නොහැකි පුද්ගලයෙකු බවත් ඇඳුම සකසා ගැනීමට නොහැකි පුද්ගලයෙකුට රටේ ආර්ථිකය සැකසීමට හැකියාව තිබෙනවා යැයි සිතීම ගැටලුවක් බවත් ඔහු ප්‍රකාශ කරනවා.

ගාලුමුවදොර විරෝධතාවය අතරතුර කුඩා දරුවන් මානසිකව වැටෙන ආකාරයට සැලකූ පුද්ගලයන්ම, කුඩා දරුවන් ආරක්ෂා කිරීම සඳහා පනතක් ගෙන ආයුතු බව ප්‍රකාශ කරන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.

READ:   BREAKING NEWS: අර්ථික අර්බුදයට ගෝඨා බැසිල් මහින්ද වගකිවයුතුයි - ශ්‍රේෂ්ඨාධිකරණය 
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්