Thursday, September 10, 2026
Homeදේශීයජාතික හැඳුනුම්පතක් ලබා ගැනීමේදී නව ගාස්තුවක් අයකිරීම සඳහා ගැසට් නිවේදනයක්

ජාතික හැඳුනුම්පතක් ලබා ගැනීමේදී නව ගාස්තුවක් අයකිරීම සඳහා ගැසට් නිවේදනයක්

ජාතික හැඳුනුම්පත පළමුවරට ලබාගැනීම සඳහා ඉදිරිපත් කරන අයදුම්කරුවන් සඳහා 2022.11.01 සිට බලපවත්වන පරිදි රුපියල් දෙසීයයක ගාස්තුවක් අයකරගැනීම සඳහා නව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ජාතික හැඳුනුම්පතෙහි අනුපිටපතක් ලබාගැනීමේ ගාස්තුව රුපියල් 1000ක් සහ ජාතික හැඳුනුම්පතෙහි සංශෝධිත අනුපිටපතක් ලබාගැනීම සඳහා ගාස්තුව රුපියල් 500ක් දක්වා ද මිළ ගණන් සංශෝධනය කර ඇති බව සඳහන් වෙනවා.

මහජන ආරක්ෂක අමාත්‍යා ටිරාන් අලස් විසින් පුද්ගලයින් ලියාපදිංචි කිරීම යටතේ අයකරගැනීම් පිළිබඳ ගාස්තු සංශෝධනය කරමින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.

අදාළ ගැසට් නිවේදනය පහතින්,

READ:   ඩොලරය පහළ යාමේ වාසිය පාරිභෝගිකයාට ලබා දීමට පියවර ගන්නවා - නලින් ප්‍රනාන්දු
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්