ලෝක ළමා දිනයට සමඟාමීව ශ්‍රී ලංකා යුද්ධ හමුදාව දිවයින පුරා විවිධ ස්ථානවලදී ලෝක ළමා දින සැමරුම් සංවිධාන කර තිබූ අතර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාම සාධක මෙහෙයුම්වල නිරතව සිටින යුද්ධ හමුදා භට පිරිස් විසින් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතාගේ උපදෙස් මත දකුණු සුඩානයේ දීද ලෝක ළමා දින සැමරුම් උත්සවයක් පවත්වන ලදී.
දකුණු සුඩානයේ බෝර් හි ශ්‍රී ලංකා යුද්ධ හමුදා භටපිරිස් විසින් පවත්වාගෙන යනු ලබන දෙවැනි මට්ටමේ රෝහලේ සේවය කරනු ලබන යුද්ධ හමුදා භට පිරිස් විසින් මෙම සැමරුම් වැඩසටහන සංවිධානය කර තිබුණි. දකුණු සුඩානයේ එක්සත් ජාතීන්ගේ සාමසාධකාරි සඳහා යොදවා සිටින ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ වෛද්‍ය බලකායේ අටවන භට ඛණ්ඩය මේවන විට එහි රාජකාරි ඉටු කරති.
මෙම විශේෂ ළමා දින වැඩසටහනේදී අවතැන් කඳවුරුවල රැඳී සිටින ළමුන්ට ශ්‍රී ලංකා යුධ හමුදාවෙන් පොත්පත් සහ ලිපි ද්‍රව්‍ය, ඇතුළු පාසැල් උපකරණ ලබා දෙන ලදී.
එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරි යටතේ දකුණු සුඩානයේ සාම සාධක මෙහෙයුමේ සිවිල් – හමුදා සම්බන්ධීකරණ අංශයේ සහයෝගය ඇතිව බෝර් හි පිහිටි දෙවැනි මට්ටමේ රෝහලේ අණදෙන නිලධාරී ලුතිතන් කර්නල් එම් එම් නිෆ්ලාර් විසින් මෙම වැඩසටහන සංවිධාන කර තිබුණි.
(දිලංක ගුණතිලක)
උපුටා ගැනීම දිනමිණ පුවත්පත
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…
Sharika Thiranagama යනු යුද්ධය, අවතැන්වීම, මතකය, අනන්‍යතාව සහ “නිවස” පිළිබඳ මිනිස් අත්දැකීම් අධ්‍යයනය කරන ප්‍රකට…
ශ්‍රී ලංකාවට අභිනවයෙන් පත්වූ චීන තානාපති වෙයි හුආෂියැන්ග් (Wei Huaxiang) මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ…