ආර්ථික ගැටලුව සහ රටේ දේශපාලන ක්‍රමය බහුතරයක් ප්‍රතික්ෂේප කිරීම යන ප්‍රධාන ප්‍රශ්න දෙක රට තුළ පවතින බව ජනාධිපතිවරයා පවසනවා.
ආර්ථික කඩාවැටීමකට හේතුව මෙරට පවතින දේශපාලන ක්‍රමය බව බොහෝ දෙනෙක් පිළිගන්නා බවත් එම ආර්ථක ක්‍රමය පිළිබඳව සහ ගතහැකි පියවර ගැන තමන් මීට පෙර පාර්ලිමේන්තුව තුළදී කතාකර ඇති බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.
රටේ බහුතරයක් අද තිබෙන දේශපාලන ක්‍රමය තුළින් රටට සෙතක් වෙනවද, යන්න ප්‍රශ්න කරන සිටින බව ජනාධිපතිවරයා පැවසුවා.
2017 සිට පාර්ලිමේන්තුවේ ඉන්න 225ම දියවන්නාවට දැමිය යුතු බව ජනතාව ප්‍රකාශ කරන්නේ, පුද්ගලයන් නොව මෙරට දේශපාලන ක්‍රමය ජනතාව පිළිනොඟන්නා නිසා බව ජනාධිපතිවරයා පවසනවා. අද පවතින දේශපාලන ක්‍රමය ගැන බොහෝ අයට ප්‍රශ්න ඇතිවී ඇති බවත් පිළිගැනීමක් නැති බවත් ජනාධිපතිවරයා පෙන්වා දෙනවා.
ආර්ථිකය කඩාවැටීම නිසා ගෙවුණු මාර්තු මාසයේදී උද්ඝෝෂනයන් ආරම්භ කළේ දේශපාලන පක්ෂ නොව ජනතාව එකතුවී බවත් පසුව එක එක දේශපාලන පක්ෂ සංවිධානයන් විසින් උද්ඝෝෂණ ව්‍යාපාරය ඔවුන්ගේ අතට ගනිමින් ප්‍රචණ්ඩත්වය එතුළට ඇතුළත් කළ බව ජනාධිපතිවරයා සඳහන් කරනවා. එම දේශපාලන කණ්ඩායම් නිසාම එදා ගෙන ගිය ජනතා අරගලය කඩා වැටුණු බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…