2022 කාන්තා ආසියානු ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැති තරඟය ලකුණු 3 කින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කන්තා ක්‍රිකට් කණ්ඩායම සමත් වුණා.
මෙම තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 18.1 දී ( වර්ෂාව හේතුවෙන් තරඟය නතර කරන විට ) කඩුළු 5 ක් දැවි ලකුණු 83ක් ලබා ගෙන සිටියා.
වර්ෂාව නිසා තරඟ තීරකයන් ඩක්වත් ලුවිස් තරඟ නියායට අනුව බංග්ලාදේශ කණ්ඩායමට පන්දු වාර 07ක් සඳහා ලකුණු 41ක ඉලක්කයක් ලබා දුන්නා.
ලකුණු 41ක ජයග්‍රාහී ඉලක්කයක් පසුකර යෑම සඳහා පිටියට පිවිසි බංග්ලාදේශ කන්තා ක්‍රිකට් කණ්ඩායමට කඩුළු 7ක් දැවී පන්දුවාර 7 තුළදී ලබාගත හැකි වූයේ ලකුණු 37ක් පමණයි.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම තියුණු තරඟයකින් ලකුණු 3කින් බංග්ලාදේශ කන්තා ක්‍රිකට් කණ්ඩායම පරාජයට පත් කරණු ලැබුවා.
මෙවර විස්සයි විස්ස ආසියානු කන්තා ක්‍රිකට් තරඟාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම පිට පිට වාර්තා කළ 4වන ජයග්‍රාහණය මෙය වනවා.




