අනුරාධපුර දිස්ත්‍රික්කයේ කහටගස්දිගිය දී සත්ව දඩයම් කරිමට ගිය 14 දෙනෙකු මරාදමන ලද දඩ මස් හා සොට්ගන් ඇතුලු සත්ව දඩයමට යොදා ගන්න උපකරණ සමග වනජිවි නිළිධාරින්ගේ අත් අඩංගුවට.
කහටගස්දිගිය වනජිවි කලාපයට අයත් නාම්බාකට, දිවුල්වැව, අන්දරගොල්ලෑව යන රක්ෂිත වල පසුගිය දින කිපය තුල දී වනජිවි දේපාර්තමෙන්තු මගින් ක්‍රියාත්මක කරන නියම් සමයේ විශේෂ වැටලීම් රාජකාරි වලදී සත්ව දඩයමේ ගිය 14 දෙනෙකු හා මස් , තුවක්කු හා දඩයමට යොදා යනු ලෑබු උපකරණ සමග ඌරු මස් ප්‍රවාහනය කල යතුරු පැදියක් අත්අඩංගුවට ගෙන ඊයේ දින කහටගස්දිගිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු තල්ගහපතාන, රත්මල්ගහවැව , අන්දරගොල්ලෑව ,දහනැක්කෑව හා වලහාඉද්දවැව යන ප්‍රදේශවල පදිංචි සැක කරුවන් 14 දෙනෙකුට රුපියල් 475000/= මුදලක් දඩ නියම කර තිබෙනවා.
මෙලෙස කල වැටලීම් වලින් බඳින කඳන් 02 සමග තල්ගහපොතාන පදිංචි එක සැකකරුවකු (දඩය රුපියල් 40000) දරත්මල්ගහවැව පදිංචි සැකකරුවන් හය දෙනෙකු සොට්ගන් 4 සමග අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු රුපියල් 290000 ක දඩ මුදලක් ද, සතුන් දඩයම සදහා යොදාගත් මදු පහක් සමග මරන ලද තිත් මුවකු සමග රත්මල්ගහවැව පදිං කරුවකුට අධිකරණයෙන් රුපියල් 40000ක දඩ මුදලක් ද, අති දුර්ලභ සත්ව විශේෂයක් වන මහ දියකාවන් 08 දෙනෙකු දඩයම් කල දහනැක්කෑව පදිංචි සැකකරුවන් 02 කට රුපියල් 80000 ක දඩ මුදලක් ද, වලහිද්දවැව පදිංචි කරුවෙකු තම යතුරු පැදියක් ආධාරයෙන් ඌරු මස් ප්‍රවාහනය කරමින් සිට්යදි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු ඔහුට රුපියල් 25000 ක දඩ මුදලක් ද අධිකරණය විසින් නියම කර ඇති බවයි වාර්තා වන්නේ.
මෙම මෙහෙයුම සදහා කහටගස්දිගිය අඩවි වනජිවි කාර්යාලයේ ස්ථානභාර නිලධාරි අරුන දිසානායක , වනජිවි නියාමක කරුනාරත්න සිවිල් ආරක්ෂක නිලධාරි පියරත්න,අරම්පොල. වනජිවි බහුකාර්ය නිළිධාරින් වන රූපසිංහ ,චාමර,සඳකැලුම්,සමන් කුමාර,අමල් යන නිළිධාරින් එක්ව සිටියා.
තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…
පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…
Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…
Victoria’s Secret විලාසිතා දැක්ම අතරතුර පුෂ්පලතාගේ මරණය ගැන අවධානය යොමු කරයි ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර…
Sri Lankan Environment Minister responding to questions about the Kavanthissa elephant death
දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…