දේශීය

කහටගස්දිගිය ප්‍රදේශයේ සත්ව දඩයමේ ගිය 14 දෙනෙකු අත්අඩංගුවට

අනුරාධපුර දිස්ත්‍රික්කයේ කහටගස්දිගිය දී සත්ව දඩයම් කරිමට ගිය 14 දෙනෙකු මරාදමන ලද දඩ මස් හා සොට්ගන් ඇතුලු සත්ව දඩයමට යොදා ගන්න උපකරණ සමග වනජිවි නිළිධාරින්ගේ අත් අඩංගුවට.

කහටගස්දිගිය වනජිවි කලාපයට අයත් නාම්බාකට, දිවුල්වැව, අන්දරගොල්ලෑව යන රක්ෂිත වල පසුගිය දින කිපය තුල දී වනජිවි දේපාර්තමෙන්තු මගින් ක්‍රියාත්මක කරන නියම් සමයේ විශේෂ වැටලීම් රාජකාරි වලදී සත්ව දඩයමේ ගිය 14 දෙනෙකු හා මස් , තුවක්කු හා දඩයමට යොදා යනු ලෑබු උපකරණ සමග ඌරු මස් ප්‍රවාහනය කල යතුරු පැදියක් අත්අඩංගුවට ගෙන ඊයේ දින කහටගස්දිගිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු තල්ගහපතාන, රත්මල්ගහවැව , අන්දරගොල්ලෑව ,දහනැක්කෑව හා වලහාඉද්ද⁣වැව යන ප්‍රදේශවල පදිංචි සැක කරුවන් 14 දෙනෙකුට රුපියල් 475000/= මුදලක් දඩ නියම කර තිබෙනවා.

මෙලෙස කල වැටලීම් වලින් බඳින කඳන් 02 සමග තල්ගහපොතාන පදිංචි එක සැකකරුවකු (දඩය රුපියල් 40000) දරත්මල්ගහවැව පදිංචි සැකකරුවන් හය දෙනෙකු සොට්ගන් 4 සමග අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු රුපියල් 290000 ක දඩ මුදලක් ද, සතුන් දඩයම සදහා යොදාගත් මදු පහක් සමග මරන ලද තිත් මුවකු සමග රත්මල්ගහවැව පදිං කරුවකුට අධිකරණයෙන් රුපියල් 40000ක දඩ මුදලක් ද, අති දුර්ලභ සත්ව විශේෂයක් වන මහ දියකාවන් 08 දෙනෙකු දඩයම් කල දහනැක්කෑව පදිංචි සැකකරුවන් 02 කට රුපියල් 80000 ක දඩ මුදලක් ද, වලහිද්දවැව පදිංචි කරුවෙකු තම යතුරු පැදියක් ආධාරයෙන් ඌරු මස් ප්‍රවාහනය කරමින් සිට්යදි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු ඔහුට රුපියල් 25000 ක දඩ මුදලක් ද අධිකරණය විසින් නියම කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම මෙහෙයුම සදහා කහටගස්දිගිය අඩවි වනජිවි කාර්යාලයේ ස්ථානභාර නිලධාරි අරුන දිසානායක , වනජිවි නියාමක කරුනාරත්න සිවිල් ආරක්ෂක නිලධාරි පියරත්න,අරම්පොල. වනජිවි බහුකාර්ය නිළිධාරින් වන රූපසිංහ ,චාමර,සඳකැලුම්,සමන් කුමාර,අමල් යන නිළිධාරින් එක්ව සිටියා.

Recent Posts

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

2 days ago

Gen Z නැගිටීමේ සිට ඩිජිටල් බලය දක්වා — රංග කලංසූරියගේ ‘The Youthquake’ එළිදකී

ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…

2 days ago

ලංගමට තවත් බස් 800ක් – මෙට්‍රෝ බස් 50කුත් එකතු වෙයි

සුභා­ෂිණී සේනා­නා­යක, නිමල් රාජ­පක්ෂ පොදු ප්‍රවා­හන සේවාවේ ප්‍රධාන භූමි­කා­වක් ඉටු­ ක­රන ලංගම තව­දු­ර­ටත් ශක්ති­මත් කිරී­මට…

2 days ago

පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් අපේ පූර්ණ සහයෝගය!- විපක්ෂ නායක

පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…

2 days ago

දේශගුණික විපර්යාස සහ ප්‍රධාන සෞඛ්‍ය අභියෝග 04 ක් ජය ගැනීමට කලාපීය සහයෝගීතාවයේ අවශ්‍යතාව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා අවධාරණය කරයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…

2 days ago

SAWM-SL ඩිජිටල් සමානාත්මතා AI පුහුණු වැඩමුළු සඳහා අයදුම්පත් දැන් විවෘතයි

COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…

5 days ago