දේශීය

ණය ප්‍රතිව්‍යුහගතකිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගෙන් විශේෂ ප්‍රකාශයක්

මෙරට ණය ප්‍රතිව්‍යුහගතකිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් අද (06) පාර්ලිමේන්තුව තුළදී විශේෂ ප්‍රකාශයක් සිදු කරනු ලැබුවා.

සිංගප්පූරුව සමඟ අත්සන් කර ඇති නිදහස් වෙළඳ ගිවිසුම පසුගිය කාලයේ නිසි ආකාරයෙන් ක්‍රියාත්මක නොවුණු බවත් එම ගිවිසුම නැවත පණගැන්වීම මෙරටට ආර්ථික සහනයන් ලබා ගැනීමට වැදගත් බව ජනාධිපතිවරයා පවසනවා.

ජපානය සමඟ කළ සාකච්ඡාවලදී ශ්‍රී ලංකාවේ ආයෝජනයන් පුළුල් කරලීම උදෙසා ජපානයේ සහයෝගය හිමි වන බව ජපානය ප්‍රකාශ කළ බව ජනාධිපතිවරයා පවසනවා.

ජපාන අගමැතිවරයා, විදේශ අමාත්‍යාවරයා සහ ජපාන මුදල් අමාත්‍යවරයා සමඟ තමන් සිදු කළ සාකච්ඡා වලදී ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකිරීම සඳහා ජපානය මැදිහත් වීමටත් ශ්‍රී ලංකාව, ණය ලබාදුන් රටවල් සමඟ පවත්වන සමුළුවේ සම සභාපතීත්වය දැරීමටත් ජපානය එකඟවූ බව ජනාධිපතිවරයා පැවසුවා.

වීනය සමඟ ද මූලික සාකච්ඡා ආරම්භ කර ඇති බව පවසන ජනාධිපති වරයා, ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකිරීම සම්බන්ධයෙන් චීනය සමඟ සාකච්ඡා කිරීමට ජපානය මැදිහත් වන බවට පවසා තීබීම යහපත් දෙයක් බව පෙන්වා දෙනවා. මෙම අසීරු අවස්ථාවේ චීනයේ සහය මෙරටට හමිවෙන බව එතුමා පැවසුවේ.

ඉන්දියාව සමඟ ද මේවන විට සාකච්ඡාවන් ආරම්භ කළ බව ජනාධිපතිවරයා පවසනවා. මෝදී අගමැතිවරයාගේ සහයෝගය ශ්‍රී ලංකාවට හිමි වන බවත් ඉන්දියාව විසින් පසුගිය කාලයේදී මෙරටට ලබාදුන් ආධාර සම්බන්ධයෙන් තමන් ඉන්දියාවට ස්තූතියි පළ කර සිටි බවත් ජනාධිපතිවරයා පැවසුවා.

ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා තමා ඇතුළු රජය ගෙන යන වැඩපිළිවෙළ ගැන රාජ්‍ය නායකයන් හමුවූ අවස්ථාවන්හීදී දැනුවත් කළ අතර එහිදී ශ්‍රී ලංකාවට සහය දැක්වීම සඳහා එම රාජ්‍ය නායකයන් කැමැත්ත ප්‍රකාශ කළ බව ජනාධිපතිවරයා පවසනවා.

ජපානය, චීනය, ඉන්දියාව මූලික කරගනිමින් ණය ලබාදුන් අනිකුත් රටවල් සමඟ බහුපාර්ශ්වීය පොදු එකඟතාවයකට පැමිණීම අරමුණ බවත්
ණයලබාදුන් රටවල් සහ පුද්ගලික ණයහිමියන් සමඟ එලෙස එළබෙන එකඟත්වය තුලින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහතිකය ලබාගැනීමට හැකි බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පහසුකම් ලබාගත් පසු ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව ඇතුළු ආයතන වලින් අතරමැදි මූල්‍ය පහසුකම් ලබාගැනීමට අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.

විවිධ උපාය මාර්ග ඔස්සේ මෙරට සංචාරක කර්මාන්තය යළි නඟාසිටුවීම මෙන්න පුද්ගලික අංශයන්ගේ මුදල් සංචිත ඉහළ නැන්වීම සහ විදේශ සංචිත වැඩිකිරීම අරමුණ වන බව ජනාධිපතිවරයා පැවසුවා.


ලබන වසර අඟ පමණ වන විට රුපියල ශක්තිමත් කර ගනිමින් මෙරට ආර්ථිකයේ කිසියම් ස්ථාවරත්වයක් ඇතිකරගැනීමට හැකි බවයි ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

Recent Posts

නීතිඥ සංගමය සමග පැවති සාකච්ඡාවේදී ජනපති සිදුකළ කතාව full speech

මෙහිදී මතු වූ කරුණු පිළිබඳ අපේ අදහසත්, මේ ක්‍රියාදාමය පිළිබඳව අපේ ප්‍රවේශයට හේතු වුණු කරුණුත්…

12 hours ago

පැතිකුදයට නවීන ප්‍රතිකාර සඳහා ශ්‍රී ලාංකිකයන්ට ඉන්දියාවේ බේබි මෙමෝරියල් රෝහලෙන් විශේෂ සහන

නවීන තාක්ෂණය ආධාරයෙන් පැතිකුදය (Scoliosis) සඳහා කෙරෙන සැත්කම් දැන් ඉතා ආරක්ෂිත සහ සාර්ථක ලෙස සිදු…

2 days ago

“මගේ අම්මා යාපනයේ” – විජයගේ පුත් ජේසන් සංජේ ශ්‍රී ලංකාව සමඟ ඇති පවුල් සම්බන්ධය හෙළි කරයි

ශ්‍රී ලංකාවට ඉඳහිට පැමිණෙන බවත්, යාපනයේ උපන් තම මව හරහා ශ්‍රී ලංකාව සමඟ ඇති පවුල්…

4 days ago

Rosamund Pike Visits Sri Lanka as Country Marks Clearance of One Million Landmines

Award-winning actor highlights Sri Lanka’s progress towards becoming landmine-free COLOMBO, August 8: Globe, Emmy and…

5 days ago

රොසමුන්ඩ් පයික් ශ්‍රී ලංකාවේදී බිම්බෝම්බ ඉවත් කිරීමේ මෙහෙයුම් නිරීක්ෂණයට

වසර 17ක් තුළ ශ්‍රී ලංකාවෙන් බිම්බෝම්බ මිලියනයක් ඉවත් කරයි – වාර්ෂික අනතුරු 250 සිට 3…

5 days ago

පාරම්පරික වෛද්‍ය ශිෂ්‍ය එකමුතුව අවුලක

මේ වන විට පාරම්පරික වෛද්‍ය ක්ෂේත්‍රයට හෙල වෙදකමට අභියෝග රැසක් එල්ල වී ඇති බවත් මිට…

6 days ago