දේශීය

කෝටි 5 ක කොකේන් ගිලූ උගන්ඩාවේ ගොවියකු ලංකාවෙදී අල්ලයි

කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් ගුලි වශයෙන් සකස් කර , ඒවා ගිල දමා පැමිණි උගන්ඩා ජාතිකයෙකු ඊයේ (28) දින උදෑසන කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක , නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ( නීති කටයුතු ) සුදත්ත සිල්වා මහතා පැවසීය . 

මෙම පුද්ගලයා 43 හැවිරිදි වියේ පසුවන උගන්ඩාවේ ගොවියෙකු ලෙස කටයුතු කරන පුද්ගලයෙකි . 

ඔහු උගන්ඩාවේ සිට ගිනි රාජ්‍යය වෙත පැමිණ , එතැන්  සිට කැසබේලංකා රාජ්‍යය වෙත පැමිණ තිබේ .  ඉන්පසුව ඔහු කටාර් රාජ්‍යයේ දෝහා වෙත පැමිණ එතැන් සිට කටාර් ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

 මොහු පිළිබඳව ඇති වූ සැකය මත කටුනායක ගුවන් තොටුපළ පිටවීමේ දොරටුව අභියස දී ප්‍රශ්න කිරීමක් සිදු කර තිබූ අතර , පසුව ඔහු ගුවන් තොටුපළ පරිලෝකන යන්ත්‍රයක් වෙත යොමු කිරීමේදී , ඔහුගේ ආමාශය තුළ කොකේන් ගුලි වශයෙන් සකස් කර ගිල දමා පැමිණ ඇති බව අනාවරණය වී තිබේ .

 ඉන්පසුව මෙම උගන්ඩා ජාතිකයා අත් අඩංගුවට ගත් රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් , මොහුගෙන් වැඩිදුරටත් මේ පිළිබඳව ප්‍රශ්න කිරීම සිදු කරත්දී , ඔහු රුපියල් කෝටි පහක් පමණ වටිනා කොකේන් මත්ද්‍රව්‍ය ගුලි 80 ක් පමණ ගිල දමා පැමිණ ඇති බව ප්‍රකාශ කර තිබේ. 

මේ වනවිට එසේ ගිල දමා ඇති කොකේන් ගුලි අතරින් රුපියල් එක් කෝටි විසි ලක්ෂයක් පමණ වටිනා කොකේන් මත්ද්‍රව්‍ය ගුලි 17 ක් පමණ එළියට ගෙන තිබේ . 

ඉන්පසුව මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සදහා  මෙම උගන්ඩා ජාතිකයා සහ ඔහු එළියට දමා ඇති කොකේන් ගුලි තොගය ද  පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් වෙත භාර දී තිබේ .

 ඔවුන් මේ වනවිට මෙම උගන්ඩා ජාතිකයා මීගමුව මහ රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන ඇති  අතර , එහිදී  එම රෝහලේ වෛද්‍යවරුන් , මෙම උගන්ඩා ජාතිකයා හට  විරේක බෙහෙත් ලබා දෙමින් , ඔහුගේ ආමාශය තුළ තවදුරටත්  ඉතිරි වී ඇති කොකේන් මත්ද්‍රව්‍ය ගුලි පිටතට ගැනීම සදහා ප්‍රයත්න දරමින් සිටිති . 

උපුටා ගැනීම – දිනමිණ පුවත්පත        

Recent Posts

ඉන්ධන සහනාධාරයක් -ජනපති ගම්පහදී කියයි.

‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…

23 hours ago

ඉන්ධන බලාගාර මාෆියාවේ කොමිස්වලට යටවූ වත්මන් රජය සූර්ය බලශක්තිය විනාශ කරන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනවා-විපක්ෂ නායක

බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…

23 hours ago

පොල්දූව මංසන්ධියේ දී සමගි ජන බලවේගය විසින් 22ට එරෙහිව සංවිධානය කර තිබූ උද්ඝෝෂණය

මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…

5 days ago

Colombo Dockyard Highlights Sri Lanka’s Maritime Capabilities on World Maritime Day 2026

Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…

5 days ago

පාස්කු ප්‍රහාර නඩුවේ විත්තිකරුවන් 15කට වරදකරු බවට තීන්දුවක් – 9ක් නිදොස් කොට නිදහස්

සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…

7 days ago

සීගිරියට අලුත් පෙනුමක්: ඩොලර් මිලියන 30ක සංචාරක සංවර්ධන ව්‍යාපෘතිය ඇරඹේ

ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…

1 week ago