Friday, July 24, 2026
Homeදේශීයළමයෙකු ලෙස සැලකෙන වයස් සීමාව 16 සිට 18 දක්වා ඉහළට

ළමයෙකු ලෙස සැලකෙන වයස් සීමාව 16 සිට 18 දක්වා ඉහළට

ශ්‍රී ලංකාව තුළ ළමයෙකු විය යුතු තැනැත්තෙකුගේ වයස අවුරුදු දහසයේ සිට දහඅට දක්වා ඉහළ නැංවිය යුතු බව ළමයින් සහ තරුණ තැනැත්තන් ආඥාපනත සංශෝධනය කිරීම සඳහා ඉදිරිපත් කොට ඇති යෝජනා වල සඳහන් වෙනවා.

ස්ත්‍රී පුරුෂ සමතාවය සහ සමානාත්මතාවය තහවුරු කිරීම සඳහා සොයා බලා පාර්ලිමේන්තුවට නිර්දේශ වාර්තා කිරීම සඳහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පාර්ලිමේන්තු මන්ත්‍රී සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේගේ සභාපතීත්වයෙන් පසුගිය 22 දා රැසවී තිබුණා.

අදාළ කාරකසභාව තුළදී,
“ළමයින් සහ තරුණ තැනැත්තන් ආඥා පනත” යන නම වෙනුවට ” ළමා ආඥා පනත ” ලෙස අදාළ පනතේ නම වෙනස් කිරීම, දරුවන්ට හෝ තරුණයෙකුට දඬුවම් කිරිමේ අයිතිය නීත්‍යානුකූ භාරකාරුවෙකුට බලපාන ලෙස ගොඩ නැගිය යුතු බව පනත් කෙටුම් පතින් ඉවත් කිරීම, බාලවයස්කාර අපරාධකරුවන් අධීක්ෂණය කිරීම හා බලවයස්කාර අධිකරණ පිහිටුවීම.. ආදී කාරණයන් පිලිබඳව ද සාකච්ඡාවට ලක් කර ඇති අතර මෙරට තුළදී ළමයෙකු සඳහා පිළිගැනෙන වයස් සීමාව අවුරුදු 16 සිට 18 දක්වා ඉහළ දැමීමට යෝජනා කර තිබෙනවා.

READ:   ගොවීන් සඳහා නොමිලේ ඉන්ධන
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්