Monday, April 20, 2026
Homeදේශීයජනපති යටතේ පවතින අමාත්‍යාංශවල වගකීම් රාජ්‍ය අමාත්‍යවරුන්ට

ජනපති යටතේ පවතින අමාත්‍යාංශවල වගකීම් රාජ්‍ය අමාත්‍යවරුන්ට

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජපානයේ සහ පිලිපීනයේ නිල සංචාරයක නිරතව සිටින බැවින් ජනාධිපතිවරයා දිවයිනෙන් බැහැරව යන කාලසීමාව තුළදී එතුමා යටතේ පවතින අමාත්‍යාංශවල රාජ්‍ය අමාත්‍යවරුන්ට වැඩබලන අමාත්‍ය ධූරයන්හි වගකීම් පවරා තිබේ.

ඒ අනුව වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාත්, වැඩබලන මුදල් ආර්ථික, ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතාත්, වැඩබලන ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙස ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතාත්, වැඩබලන තාක්ෂණ අමාත්‍යවරයා ලෙස තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතාත්, වැඩබලන කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යවරයා ලෙස සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල් මහතාත් පත් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය වාර්තා කරයි.

READ:   ආර්ථික අර්බුදය සඳහා ජාත්‍යන්තර සහය තවදුරටත් අපේක්ෂා කරනවා - අමාත්‍ය ශෙහාන් සේමසිංහ
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්