දේශීය

ගල්කැටියාගම පාසලේ දරුවන්ට ලසිත් මාලිංග පිහිට වෙයි

ලෝක පූජීත පන්දු යවන්නකු වන ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ විස්සයි විස්ස හිටපු නායක ලසිත් මාලිංග, ඉතා දුශ්කර පාසලක දරුවන් සඳහා අවශ්‍යය කරන පාවහන් ප්‍රධානය කළ පුවතක් වාර්තා වනවා.

එක්තරා ප්‍රසිද්ධ සමාජ මාධ්‍ය නාලිකාවක පළ කර තිබූ වීඩියෝ පටයක් නැරඹීමෙන් ලසිත් මාලිංග, අදාළ පාසලේ දරුවන්ට දුශ්කර අවශ්‍යතාවයක්ව පවතින පාසැල් පාවහන් ලබා දීම සඳහා කටයුතු කර තිබෙනවා.

වයඹ පාලතට අයත් අතිශය දුශ්කර පාසලක් වන ගල්කැටියාගම කණිෂ්ඨ විද්‍යාලයේ සියලූම සිසු දරුවන් සඳහා ලසිත් මාලිංග විසින් අවශ්‍යකරන පාවහන් ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

මෙහිදී ආදාළ පාසලේ විදුහල්පතිවරයා, පාසලේ ගුරුභවතුන්, දෙමාපියන් ඇතුළු සිසු දරුවන්ගේ ස්තුතිය සහ ගෞරවය ප්‍රවීණ ක්‍රීඩක ලසිත් මාලිංග සහ මෙම කටයුත්ත සංවිධානය කළ නාලිකාවට පළ කර තිබෙනවා.

පැල්පත් ගොඩනැගිල්ලේ අධ්‍යපනය ලබන සිසු දරුවන් විසින් විද්‍යාලයේ පොල් අතු ගොඩනැගිල්ල සහ පාවහන් අවශ්‍යතාවය සපුරා දෙන ලෙස ඉල්ලා විඩියෝ පටයක් මීට පෙර පළ කර තිබුණා.

Recent Posts

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

9 hours ago

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

1 day ago

ඉදිරිදින කිහිපයේ දී දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක්

තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…

2 days ago

ජලාශ ජල මට්ටම් ඉහළ ගියද ගංවතුර තත්ත්වයක් නැහැ – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…

2 days ago