රුසියාවේ Kazan සිනමා සම්මාන උලෙළේදී කුමාරට හා සරත්ට හොඳම නළුවාට හිමි සම සම්මාන
රුසියාවේදී පැවැති 18 වැනි Kazan මුස්ලිම් සිනමා සම්මාන උලෙළේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ “ද නිව්ස්පේපර්“ චිත්‍රපටයේ ප්‍රධාන චරිත රඟ පෑ සරත් කොතලාවලට සහ කුමාර තිරිමාදුරට හොඳම රංගන ශිල්පියාට පිදෙන සම සම්මානය හිමි වී තිබේ. ඔවුන් දෙදෙනාට මෙහිදී සම සම්මානය හිමිව තිබෙන අතර මේ චිත්‍රපටය විදේශ සිනමා උලෙළ කිහිපයකම ඇඟයීමට පාත්‍ර විණි. මෙම චිත්‍රපටයේ අධ්‍යක්ෂණයද මොවුන් දෙදෙනා විසින් සිදු කළ අතර ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන, රවීන්ද්‍ර ගුරුගේ හා ඩබ්ලිව් ප්‍රේමසිරි මෙහි සම නිෂ්පාදකවරු වෙති.
මෙම සම්මාන උලෙළ ඉකුත් (11) රාත්‍රීයේදි රුසියාවේ kazan ප්‍රාන්තයේදී පැවැතිණි. ඊට සහභාගීවීමට ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා එහි ගොස් තිබේ. ඒ අනුව හොඳම රංගන ශිල්පීන්ට හිමිවූ එම සම්මානය එම නළුවන් නියෝජනය කරමින් ඇමැතිවරයා ලබා ගත්තේය.
අනුර ප්‍රේමලාල්
උපුටා ගැනීම දිනමිණ පුවත්පත
ලෝක ශූරයකු වී රටට පැමිණි රුමේෂ් තරංගගේ ක්‍රීඩා උපකරණ ගුවන් ගමනේදී හානිවීමත් සමඟ තුර්කි එයාර්ලයින්ස්…
Sri Lankan javelin star Rumesh Tharanga Pathirage has returned home from one of the biggest…
2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…
https://youtu.be/tZAcApYK_NM https://youtu.be/tZAcApYK_NM
උපුටා ගැනීම 22 වැනි සංශෝධනය: තවත් වසර දෙකක්ද? නැතිනම් භයානක ව්‍යවස්ථාමය පූර්වාදර්ශයක්ද? විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…
හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි…