Wednesday, September 16, 2026
Homeදේශීය‘ද නිව්ස්පේපර්’ රුසියාවේත් පෙළහර පායි

‘ද නිව්ස්පේපර්’ රුසියාවේත් පෙළහර පායි

රුසියාවේ Kazan සිනමා සම්මාන උලෙළේදී කුමාරට හා සරත්ට හොඳම නළුවාට හිමි සම සම්මාන

රුසියාවේදී පැවැති 18 වැනි Kazan මුස්ලිම් සිනමා සම්මාන උලෙළේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ “ද නිව්ස්පේපර්“ චිත්‍රපටයේ ප්‍රධාන චරිත රඟ පෑ සරත් කොතලාවලට සහ කුමාර තිරිමාදුරට හොඳම රංගන ශිල්පියාට පිදෙන සම සම්මානය හිමි වී තිබේ. ඔවුන් දෙදෙනාට මෙහිදී සම සම්මානය හිමිව තිබෙන අතර මේ චිත්‍රපටය විදේශ සිනමා උලෙළ කිහිපයකම ඇඟයීමට පාත්‍ර විණි. මෙම චිත්‍රපටයේ අධ්‍යක්ෂණයද මොවුන් දෙදෙනා විසින් සිදු කළ අතර ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන, රවීන්ද්‍ර ගුරුගේ හා ඩබ්ලිව් ප්‍රේමසිරි මෙහි සම නිෂ්පාදකවරු වෙති.

මෙම සම්මාන උලෙළ ඉකුත් (11) රාත්‍රීයේදි රුසියාවේ kazan ප්‍රාන්තයේදී පැවැතිණි. ඊට සහභාගීවීමට ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා එහි ගොස් තිබේ. ඒ අනුව හොඳම රංගන ශිල්පීන්ට හිමිවූ එම සම්මානය එම නළුවන් නියෝජනය කරමින් ඇමැතිවරයා ලබා ගත්තේය.

අනුර ප්‍රේමලාල්

උපුටා ගැනීම දිනමිණ පුවත්පත

READ:   "සකුරායි" ගුවන් සේවයේ මෙහෙයුම් නැවත දැනුම් දෙන තෙක් අත්හිටුවයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්