ආසියානු කුසලාන විස්සයි විස්ස 2022, තරඟාවලියේ කාසිය වාසිය දිනාගත් පාකිස්තානු කණ්ඩායමේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6 දැවි ලකුණු 170 ක් ලබා ගැනීමට සමත් වුණා.
පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් භානුක රාජපක්ෂ නොදැවී ලකුණු 71 ක්, වනිදු හසරංග ලකුණු 36 ක් ධනංජය ද සිල්වා ලකුණු 28 හා චාමික කරුණාරත්න ලකුණු 14 ක් ලබා ගැනීමට සමත් වුණා.
පිලිතුරු ඉනිම ක්‍රීඩා කිරීම සඳහා පිටියට පිවිසි පාකිස්තානු කණ්ඩායමට සියලු දෙනා දැවි ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 147 පමණි. පාකිස්තාන කණ්ඩායම වෙනුවෙන් Iftikhar Ahmed ලකුණු 32 ක්, Mohammad Rizwan ලකුණු 55 ක් ලබා ගත්තා.
පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ප්‍රමෝද් මදුෂාන් කඩුලු 4 ක් හා වනිඳු හසරංග කඩුලු 3 ක් බිඳ හෙළිමට සමත් වුණා.
ඒ අනුව ශ්‍රී ලංකාව 2022 අසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියේ ශූරතාවය හය වන වරටත් හිමි කර ගැනීමට සමත්වුණා.





















