හෝමාගම ගලවිලවත්ත පින්කෙත ප්‍රදේශයේදී දුම්රියට ගෙල තබා යුද හමුදා සෙබළෙක් සියදිවි හානි කරගෙන ඇතැයි හෝමාගම පොලිසිය පවසයි.
අනතුරෙන් මියගිය පුද්ගලයාගේ ගෙල සිරුරෙන් වෙන් වී තිබූ බවද පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ බිබිල, මාලිගාතැන්න පාර, නාගල, ප්‍රදේශයේ පදිංචි හේරත් මුදියන්සේලාගේ අසේල ගීතාල් ප්‍රේමරත්න නමැති (29) හැවිරිදි විවාහකයකු බව පොලිසිය සඳහන් කරයි. මෙම පුද්ගලයා පනාගොඩ යුද හමුදා කඳවුරට අනුයුක්තව සේවය කර ඇති අතර, රාජකාරි අවශ්‍යතාව සඳහා සිය බිරිඳ සමඟ හෝමාගම අතුරුගිරිය පාරේ නිවසක තාවකාලිකව පදිංචිව සිට ඇතැයි පැවසේ.
මේ අතරතුරදී මෙම පුද්ගලයා හෝමාගම සහ ගලවිලවත්ත දුම්රිය ස්ථාන දෙක අතර පිහිටි පිංකෙත ප්‍රදේශයේ හුදකලා ස්ථානයකදී ඉකුත් 05දා උදෑසන 8.30 පමණ අවිස්සාවේල්ලේ සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ දුම්රියට ගෙල තබා මෙසේ සියදිවි හානි කරගෙන ඇති බව පොලිසිය කියයි.
ඒ අනුව සිරුර සහ සිරුරෙන් වෙන් වී තිබූ හිස කොටස එම දුම්රියෙන්ම ගෙන ගොස් කොට්ටාව දුම්රිය ස්ථානයට භාරදීමට පියවර ගෙන තිබුණි.
මෙම යුද හමුදා සෙබළාගේ සියදිවි හානිකර ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මෘත දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය හෝමාගම හදිසි මරණ පරීක්ෂක සාම විනිසුරු චින්තක උදය කුමාර මහතා විසින් හෝමාගම මූලික රෝහලේ හදිසි මරණ පරීක්ෂණ අධිකරණයේදී (6) දා සිදුකිරීමට නියමිතව තිබුණි.
සිද්ධිය සම්බන්ධයෙන් හෝමාගම මූලස්ථාන පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක තුසිත වික්‍රමරත්න මහතාගේ උපදෙස් මත පො.කො (77813) තලවත්ත නිලධාරීහු පරීක්ෂණ පවත්වති.
කොට්ටාව ප්‍රදීප් කුමාර
උපුටා ගැනීම දිනමිණ පුවත්පත
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…