විදේශ ගත ශ්‍රමිකයින් නීත්‍යානුකූලව බැංකු ක්‍රමය හරහා මෙරටට මුදල් එවීමේදී ඉලෙට්‍රික් වාහනයක් ආනයනයනය කිරීමට ආනයනය බලපත්‍රය ලබාගැනීම සදහා වන අයදුම්පත්‍රය ප්‍රසිද්ධියට පත් කර තිබේ.
කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශයේ වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ https://si.labourmin.gov.lk/wp-content/uploads/2022/08/02.2022-Application-Sinhala.pdf යන වෙබ් ලිපියන ඔස්සේ අදාල අයදුම්පත්‍රය භාගත කිරීමට හැකිය.
නීත්‍යානුකූලව බැංකු ක්‍රමය හරහා මුදල් එවන විදේශ ගත ශ්‍රමිකයින් සදහා සහන රැසක් ලබාදීමට කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා කටයුතු කර ඇති අතර, විදේශ ගත ශ්‍රමිකයින්ට ඉලෙට්‍රික් වාහනයක් ආනයනය කිරීම සදහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගෙන තිබුණි. ඒ අනුව ඉලෙට්‍රික් වාහන ආනයනය සදහා අවසර ලබාදෙන ගැසට් නිවේදනය සහ අයදුම්පත්‍රය නිකුත් කළේය.
ඒ අනුව මේ වසරේ මැයි පළමුවැනිදා සිට ලබන වසරේ අප්‍රේල් 30 වැනිදා දක්වා කාලය තුලදී ඇමරිකානු ඩොලර් තුන්දහකට වඩා වැඩි මුදලක් බැංකු ක්‍රමය හරහා මෙරටට එවා ඇති ශ්‍රමිකයින් සදහා තමන් එවා ඇති මුදල් ප්‍රමාණයෙන් සියයට පනහක වටිනාකමකින් යුත් ඉලෙට්‍රික් යතුරුපැදියක් ආනයනය කිරීම සදහා අවසර ලබාදේ. මේ වසරේ මැයි පළමුවැනිදා සිට දෙසැම්බර් 31 වැනිදා දක්වා වන කාලයක තුළදී ඇමරිකානු ඩොලර් විසිදහක මුදලක් එවා ඇති ශ්‍රමිකයින් සදහා ඉලෙට්‍රික් වාහනයක් ආනයනය කිරීම සදහා අවසර ලබාදෙන බව චක්‍රෙල්ඛයේ වැඩිදුරටත් සදහන් වේ.
නීත්‍යානුකූලව බැංකු ක්‍රමය හරහා මුදල් එවන ශ්‍රමිකයින් සදහා ගුවන්තොටුපොලේදී ලබාගත හැකි තීරුබදු සහනය ඇමරිකානු ඩොලර් 6550 දක්වා ඉහළ නැංවීමටත් මනුෂ නානායක්කාර අමාත්‍යවරයා ඉදිරිපත් කර ඇති කැබිනට් පත්‍රිකාවටද කැබිනට් අනුමැතිය හිමිවී තිබේ. ඒ සදහා වන ගැසට් නිවේදනය ඉදිරියේදී නිකුත් කිරීමට නියමිතය.
මේ සදහා අවශ්‍ය මාධ්‍ය ප්‍රචාරණයක් ලබාදෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි
ස්තුතියි,
මෙයට
සංජය නල්ලපෙරුම
ගරු අමාත්‍යතුමාගේ මාධ්‍ය ලේකම්
උපුටා ගැනීම
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…