ආසියානු කුසලාන 2022 විස්සයි විස්ස තරඟාවලියේ සුපිරි 4 වටයේ දෙවන තරඟය ඉන්දියාව සහ පකිස්ථානය අතර ඊයේ (04) පැවැත්වුණා. තියුණු තරඟයකින් ඉන්දියාව පරදා කඩුලු 5 ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට පාකිස්ථානය එහිදි සමත්වුණා.
තරගයේ කාසියේ වාසිය දිනූ පාකිස්තානය පළමුව පන්දුවට පහරදීමට ඉන්දියාවට ආරාධනා කර සිටියා. ඒ අනුව පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 7 ක් දැවී ලකුණු 181 ක් ලබා ගත්තා.
ඉන්දියාව වෙනුවෙන් සුවිශේෂි ඉනිමක් ක්‍රිඩා කළ විරාට් කෝලි ලකුණු 60 ක් ලබා ගත් අතර නායක රෝහිට් ෂර්මා හා කේ.එල් රාහුල් ලකුණු 28 බැඟින් රැස් කිරීමට සමත් වුණා.
තරගය ජය ගැනීම සදහා ලද ලකුණු 182 ක දැවැන්ත ඉලක්කය පාකිස්තානය පන්දුවාර 19.5ක් අවසානයේ කඩුලු 5ක් දැවී සිටියදී පසු කර යමින් තරඟයේ ජය වාර්තා කළා.
පාකිස්තානය වෙනුවෙන් සුපිරි ඉනිමක් ක්‍රිඩා කළ මොහමඩ් රිස්වාන් ලකුණු 71 ක් සහ මොහමඩ් නවාස් ලකුණු 42 ක්, නායක බාබර් අසාම් ලකුණු 14 ක් ලබා ගත්තා.
පන්දු යැවීමේ දී බුවනේෂ්වර් කුමාර්, රවී බිෂ්නෝයි, හර්ඩික් පාන්ඩ්යා, අර්ෂ්දීප් සිං හා යුස්වේන්ද්‍ර චෙහල් කඩුල්ල බැගින් දවා ගත්තා.
තරඟයේ වීරයා බවට පත් වූයේ පන්දුවෙන්, පිත්තෙන් සහ පන්දු රැකීමෙන් දස්කම් දැක්වූ මොහමඩ් නවාස්
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…