දේශීය

ප්‍රබල ඉන්දියාව පරදා පාකිස්තානය විශිෂ්ට ජයක් වාර්තා කරයි

ආසියානු කුසලාන 2022 විස්සයි විස්ස තරඟාවලියේ සුපිරි 4 වටයේ දෙවන තරඟය ඉන්දියාව සහ පකිස්ථානය අතර ඊයේ (04) පැවැත්වුණා. තියුණු තරඟයකින් ඉන්දියාව පරදා කඩුලු 5 ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට පාකිස්ථානය එහිදි සමත්වුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ පාකිස්තානය පළමුව පන්දුවට පහරදීමට ඉන්දියාවට ආරාධනා කර සිටියා. ඒ අනුව පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 7 ක් දැවී ලකුණු 181 ක් ලබා ගත්තා.

ඉන්දියාව වෙනුවෙන් සුවිශේෂි ඉනිමක් ක්‍රිඩා කළ විරාට් කෝලි ලකුණු 60 ක් ලබා ගත් අතර නායක රෝහිට් ෂර්මා හා කේ.එල් රාහුල් ලකුණු 28 බැඟින් රැස් කිරීමට සමත් වුණා.

තරගය ජය ගැනීම සදහා ලද ලකුණු 182 ක දැවැන්ත ඉලක්කය පාකිස්තානය පන්දුවාර 19.5ක් අවසානයේ කඩුලු 5ක් දැවී සිටියදී පසු කර යමින් තරඟයේ ජය වාර්තා කළා.

පාකිස්තානය වෙනුවෙන් සුපිරි ඉනිමක් ක්‍රිඩා කළ මොහමඩ් රිස්වාන් ලකුණු 71 ක් සහ මොහමඩ් නවාස් ලකුණු 42 ක්, නායක බාබර් අසාම් ලකුණු 14 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී බුවනේෂ්වර් කුමාර්, රවී බිෂ්නෝයි, හර්ඩික් පාන්ඩ්යා, අර්ෂ්දීප් සිං හා යුස්වේන්ද්‍ර චෙහල් කඩුල්ල බැගින් දවා ගත්තා.

තරඟයේ වීරයා බවට පත් වූයේ පන්දුවෙන්, පිත්තෙන් සහ පන්දු රැකීමෙන් දස්කම් දැක්වූ මොහමඩ් නවාස්

Recent Posts

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

1 day ago

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

2 days ago

ඉදිරිදින කිහිපයේ දී දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක්

තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…

3 days ago

ජලාශ ජල මට්ටම් ඉහළ ගියද ගංවතුර තත්ත්වයක් නැහැ – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…

3 days ago