Thursday, July 23, 2026
Homeක්‍රීඩාප්‍රබල ඉන්දියාව පරදා පාකිස්තානය විශිෂ්ට ජයක් වාර්තා කරයි

ප්‍රබල ඉන්දියාව පරදා පාකිස්තානය විශිෂ්ට ජයක් වාර්තා කරයි

ආසියානු කුසලාන 2022 විස්සයි විස්ස තරඟාවලියේ සුපිරි 4 වටයේ දෙවන තරඟය ඉන්දියාව සහ පකිස්ථානය අතර ඊයේ (04) පැවැත්වුණා. තියුණු තරඟයකින් ඉන්දියාව පරදා කඩුලු 5 ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට පාකිස්ථානය එහිදි සමත්වුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ පාකිස්තානය පළමුව පන්දුවට පහරදීමට ඉන්දියාවට ආරාධනා කර සිටියා. ඒ අනුව පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 7 ක් දැවී ලකුණු 181 ක් ලබා ගත්තා.

ඉන්දියාව වෙනුවෙන් සුවිශේෂි ඉනිමක් ක්‍රිඩා කළ විරාට් කෝලි ලකුණු 60 ක් ලබා ගත් අතර නායක රෝහිට් ෂර්මා හා කේ.එල් රාහුල් ලකුණු 28 බැඟින් රැස් කිරීමට සමත් වුණා.

තරගය ජය ගැනීම සදහා ලද ලකුණු 182 ක දැවැන්ත ඉලක්කය පාකිස්තානය පන්දුවාර 19.5ක් අවසානයේ කඩුලු 5ක් දැවී සිටියදී පසු කර යමින් තරඟයේ ජය වාර්තා කළා.

පාකිස්තානය වෙනුවෙන් සුපිරි ඉනිමක් ක්‍රිඩා කළ මොහමඩ් රිස්වාන් ලකුණු 71 ක් සහ මොහමඩ් නවාස් ලකුණු 42 ක්, නායක බාබර් අසාම් ලකුණු 14 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී බුවනේෂ්වර් කුමාර්, රවී බිෂ්නෝයි, හර්ඩික් පාන්ඩ්යා, අර්ෂ්දීප් සිං හා යුස්වේන්ද්‍ර චෙහල් කඩුල්ල බැගින් දවා ගත්තා.

තරඟයේ වීරයා බවට පත් වූයේ පන්දුවෙන්, පිත්තෙන් සහ පන්දු රැකීමෙන් දස්කම් දැක්වූ මොහමඩ් නවාස්

READ:   කොළඹ ත්‍රිරෝද රථ ගාස්තු පහළට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්