Monday, July 27, 2026
Homeදේශීයඅද සිට ක්‍රියාත්මක වන, නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මෙන්න

අද සිට ක්‍රියාත්මක වන, නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මෙන්න

අද සිට ලබන15 වන දා දක්වා ක්‍රියාත්මක වන සෞඛ්‍ය මාර්ගෝපදේශ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කර තිබෙනවා. නව සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව විවාහ මංගල්‍ය සඳහා උත්සව ශාලාවල ඉඩ ප්‍රමාණයෙන් 1/3ක ප්‍රමාණයක් හෝ උපරිම අමුත්තන් සංඛ්‍යාව 200 දෙනෙක්ට අවසර හිමිවන අතර එළිමහනේ පැවැත්වෙන විවාහ උත්සව සඳහා 250 දෙනෙකුට අවසර හිමියි. විවාහ මංගල උත්සව සඳහා මත්පැන් ලබාදීම තහනම්. ශාලාවල පැවැත්වෙන පෞද්ගලික උත්සව සඳහා උපරිම 100 දෙනෙකුට සහභාගිවිය හැකි වුවත්නිවස තුල පැවැත්වෙන උත්සවයකට සහභාගිවිය හැකි සංඛ්‍යාව 10ක් පමණයි. උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ විභාග සඳහා පම​ණක් උපකාරක පංති පැවැත්විය හැකි අතර, එකවර සහභාගිවිය හැකි ප්‍රමාණය සමස්ත ඉඩ ප්‍රමාණයෙන් 50% ක්. සිනමාශාලා සඳහා ආසන පහසුකම් මත 75 % ක පිරිසකට ඇතුල්වීම අවසර හිමිව ඇති අතර ක්‍රීඩා තර​ඟ පැමිණ නැරඹීමට ප්‍රේක්ෂකයින්ට තවමත්අවසර නැත.

READ:   පන්විල දී තවත් බස් රථයක් පෙරළි යයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්