ආසියානු කුසලාන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගයේදී බංග්ලාදේශය පරදා කඩුලු 7ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් තරගාවලියේ සුපිරි 4 වටය සදහා සුදුසුකම් ලබා ගැනීමට ඇෆ්ඝනිස්තාන කණ්ඩායම සමත් වුණා.
තරගයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශය පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර ඔවුන් කඩුලු 7 ක් දැවී ලකුණු 127 ක් ලබා ගත්තා.
පන්දුවට පහරදීමේදී,
මොහමඩ් නයීම් ලකුණු 6 කටත්, අනමුල් හක් ලකුණු 5 කටත්, නායක ශකිබ් අල් හසාන් ලකුණු 11 කටත් දවා ගැනීමට මුජිබ් උර් රහ්මාන් සමත් වූ අතර මුෂ්ෆිකර් රහීම් එක් ලකුණකට දැවී ගිය අතර, අෆිෆ් හොසේන් ලකුණු 12 කට දැවී ගියා.
මොසඩැක් හොසේන් පන්දු 31 කින් නොදැවී ලකුණු 48 ක් වාර්තා කිරීම කැපි පෙණුනා.
ජයග්‍රහනය සඳහා ලකුණු 128 ක ඉලක්කයක් හබා ගිය ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පන්දුවාර 18.3 ක් අවසානයේ කඩුලු 3 ක් දැවී ජයග්‍රහණය තමන් සතු කරගත්තා.
මෙම ජයග්‍රහනයත් සමග ඇෆ්ඝනිස්තානය මෙවර ආසියානු කුසලාන තරගාවලියේ සුපිරි 4 වටය සදහා සුදුසුකම් ලැබූ පළමු කණ්ඩායම බවට පත් වූ අතර ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර හෙට (01) පැවැත්වෙන තරගයෙන් ජය ගන්නා කණ්ඩායම ‘B’ කාණ්ඩයෙන් සුපිරි 4 වටය සදහා සුදුසුකම් ලබා ගැනීමට නියමිතයි.
තරඟයේ වීරයා බවට පත් වූයේ ලකුණු 16 කට කඩුලු 3 ක් දවාගත් ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ Mujeeb Ur Rahman ය.
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…