දේශීය

උඩුගම ‘මෝහිනී’ පොලිස් දැලේ

සවුදි අරාබියේ රැකියාවක නිරතව සිට මෙරටට පැමිණෙමින් සිටි පුද්ගලයකු සමඟ ගුවන් යානයේදී හිතවත්කමක් ගොඩනඟා ගෙන කළුතරදී සිය දෙහැවරදි දරුවා එම පුද්ගලයාට දී පලා ගිය කාන්තාව ඊයේ (29) අලුයම කළුතර පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.

ගාල්ල උඩුගම පදිංචිකාරියක් වන ඇයව අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතරින් උඩුගමට ගිය කළුතර පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරිනියන්ගෙන්ද සැදුම්ලත් පොලිස් කණ්ඩායමකි.

මෙම කාන්තාව 37 වියැති තිදරු මවකි. සැමියා රෝගී තත්ත්වයෙන් සිටින බවත් ඇය රැකියාවක් සවුදි අරාබිය වෙත ගොස් ඇත්තේ ඒ නිසා බවත් විමර්ශනවලින් අනාවරණය වී තිබේ.

පොලිසිය ඇගේ නිවස සොයාගෙන ගොස් ඇගෙන් දරුවා ගැන ප්‍රශ්න කරන විට ඇය පුදුමයට පත්ව ඇත. පොලිසිය තමාව සොයා ගනීවි යැයි නොසිතූ බව ඇය පොලිස් නිලධාරීන් හමුවේ පවසා තිබේ. මෙම කාන්තාව සවුදි අරාබියේ වසර 3ක කාලයක් රැකියාවක නිරත වී ඇති බව පොලිසිය කියයි. ඇය සවුදියට ගොස් කෙටි කාලයක් තුළ එහිදී ඇය ගැබ්ගෙන ඇති බව ප්‍රශ්න කිරීමේවලදී අනාවරණය වී තිබේ. එසේ මෙලොව එළිය දුටු මෙම දරුවාව ඇය විසින් එරට දමා ඒමට පවා උත්සහ ගෙන ඇති අතර එය ව්‍යාර්ථ වූ තැන මෙරටට රැගෙන විත් ඇති බව පෙනී ගොස් ඇත.

ඇය සූදානම්ව සිට ඇත්තේ දරුවාව මහ මඟ දමා යන්නටය. එහෙත් ගුවන් යානය තුළදී කළුතර පදිංචි පුද්ගලයා මුණ ගැසීමෙන් පසු සැලසුම වෙනස්කර ඔහු සමඟ කුළුපඟ වෙමින් දරුවා උපක්‍රමශීලීව ඔහුට භාරදී ඇය පලා ගොස් තිබේ.

ඇගේ එම උගුලට හසු වී ඇත්තේ වසර 11ක් සවුදියේ රැකියාවක නිරතව සිට මෙරටට පැමිණ කළුතර පදිංචි පුද්ගලයකුය. එම පුද්ගලයා පොලිසියට පවසා ඇත්තේ මෙම කාන්තාව තමා සමඟ ගුවන් යානයේදී කථාබහ කරමින් හිතවත් කමක් ඇතිකර ගත් බවය. ගුවන් තොටුපොළේදී ඇය නිවසට යෙෑමට විදිහක් නැතැයි පවසමින් සිටිමින් තමාව දරුවාද සමඟ කළුතරට ඇරලවීමට හැකිදැයි විමසූ බවත් ඇයට අනුකම්පාකර තමා කළුතර යාමට ගුවන් තොටුපොළින් වෙන්කරගත් කුළී රථයට ඇයවද ගොඩකරගත් බව ඔහු පොලිසියට පවසා තිබේ.

කළුතරින් ඇයව කුළි රථයෙන් බැස්සවීමට සූදානම් වූ අවස්ථාවේදි දරුවාට කෑමට යමක් සහ බීම බෝතලයක් රැගෙන එන්නම් යැයි කියා මෝටර් රථයෙන් ඇය බැස ගිය බවත් බොහෝ වේලාවක් යන තුරු නොපැමිණීම නිසා ඇති වූ සැකය මත මේ ගැන කළුතර දකුණ පොලිස් ස්ථානයට ගොස් ඔහු පැමිණිලි කර ඇත. ඊට පෙර ඔහු සිය බිරිය ඇතුළු පවුලේ සාමාජිකයන්ටද මේ ගැන පවසා තිබේ. ඒ අනුව දරුවා සම්බන්ධයෙන් පැමිණිල්ල කිරීමේදී ඒ අයද පොලිසියට පැමිණ සිටි බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

දරුවා අතහැර ගිය කාන්තාව සම්බන්ධයෙන් තොරතුරු රැස්කර ගැනීමෙන් අනතුරුව ඇයව අත්අඩංගුවට ගත් පොලිස් කණ්ඩායම උඩුගම බලා පිටත්ව ගොස් ඇත්තේ පෙරේදා (28) රාත්‍රී කාලයේදීය.

අත්අඩංගුවටගත් මෙම කාන්තාව කළුතර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. දරුවා පරිවාස භාරයට පත් කිරීමට අධිකරණයෙන් ඉල්ලීමක් කරන බව පොලිසිය සඳහන් කළේය.

ගයාන් කුමාර වීරසිංහ, පොතුපිටිය සුමිත් ප්‍රේමතිලක

උපුටා ගැනීම දිනමිණ පුවත්පත

Recent Posts

ඉන්ධන සහනාධාරයක් -ජනපති ගම්පහදී කියයි.

‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…

1 day ago

ඉන්ධන බලාගාර මාෆියාවේ කොමිස්වලට යටවූ වත්මන් රජය සූර්ය බලශක්තිය විනාශ කරන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනවා-විපක්ෂ නායක

බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…

1 day ago

පොල්දූව මංසන්ධියේ දී සමගි ජන බලවේගය විසින් 22ට එරෙහිව සංවිධානය කර තිබූ උද්ඝෝෂණය

මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…

5 days ago

Colombo Dockyard Highlights Sri Lanka’s Maritime Capabilities on World Maritime Day 2026

Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…

5 days ago

පාස්කු ප්‍රහාර නඩුවේ විත්තිකරුවන් 15කට වරදකරු බවට තීන්දුවක් – 9ක් නිදොස් කොට නිදහස්

සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…

7 days ago

සීගිරියට අලුත් පෙනුමක්: ඩොලර් මිලියන 30ක සංචාරක සංවර්ධන ව්‍යාපෘතිය ඇරඹේ

ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…

1 week ago