ගාලුමුවදොර පැවති මහජන අරගලය පිළිබඳව විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් සමීක්ෂණයක් සිදු කර තිබෙනවා. එම පරීක්ෂණ වාර්තාවට අනුව ගාලුමුවදොර අරගලය ක්‍රියාත්මක කර ඇත්තේ රට තුළ පවතින ක්‍රමයේ වෙනසක් බලාපොරොත්තු වූ සිවිල් තරුණයින් විසින් බවයි තහවුරු වී ඇත්තේ.
මෙම වාර්තාවට අනුව අරගලය මෙහෙය වූයේ රට ප්‍රතිසංස්කරණ කිරීමට බලාපොරොත්තු වන සිවිල් තරුණයින් බවට 84.3 % ක් ප්‍රකාශ කර තිබෙන අතර අරගලය මෙහෙය වූයේ කිසිදු දේශපාලන දැනුමක් නැති මත්ද්‍රව්‍ය භාවිත කරන පිරිසක් බව සඳහන් කර ඇත්තේ 11.9 % පමණි.
අරගලයට සම්බන්ධ තරුණයින් ප්‍රචණ්ඩකාරී කණ්ඩායම් වලට සම්බන්ධ බව සමීක්ෂණ වාර්තාවෙන් 18 % ක් සඳහන් කර ඇති අතර 82.% ක් ඊට විරුද්ධව තම මතය ප්‍රකාශ කර තිබෙනවා.
පරීක්ෂණ වාර්තාව පහතින්



