දේශීය

අවුරුදු 18 ට වැඩි අයට අදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචියට අවස්ථාව

අද පස්වරු 1.00 ට ආරම්භ වූ පාර්ලිමේන්තුවේ මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඉදිරිපත් කරන අයවැය පිලිබඳ කතාව මේ වන විට ආරම්භ වී තිබෙනවා.

එහිදී මේ දක්වා දැනුම්දුන් කරුණු පහතින්

1.07 PM – ආර්ථික අර්බුදය විසඳිය හැක්කේ කෙටි කාලීන හා දීර්ඝ කාලීන සැලසුම් ක්‍රියාත්මක කිරීමෙන්.

1.09 PM – 2025 වසර වන විට රාජ්‍ය ආදායම 15% කින් වැඩි කරනවා.

1.10 PM – වසර 25කට අදාළ ජාතික ආර්ථික ප්‍රතිපත්තියක් සකස් කිරීම.

1.10 PM – ආදායම් වැඩිකිරීමට නව යෝජනා 2023 අයවැයට ඉදිරිපත් කරනවා.

1.11 PM – අවුරුදු 18ට වැඩි සියලුදෙනාට අනිවාර්යෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචියට අවස්ථාව දෙනවා.

1.11 PM – ප්‍රමුඛ ක්ෂේත්‍ර සඳහා අරමුදල් යොදවනවා.

1.17 PM – රාජ්‍ය සම්පත් සංවර්ධනය සඳහා විදේශ ආයෝජකයින් ආකර්ෂණය‍ට පියවර ගන්නවා.

1.19 PM – රාජ්‍ය සේවකයින් හා අර්ධ රාජ්‍ය සේවකයින්ගේ අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 60 දක්වා අඩු කිරීමට යෝජනා කරනවා.

1.20 PM – විදුලිය මඟින් ක්‍රියාකරන වාහන පමණක් රාජ්‍ය සේවා සඳහා යොදා ගන්නවා. 1.21 PM – පොසිල ඉන්ධන භාවිත කරන වාහන ගෙන්වීම අත්හිටුවනවා.

1.21 PM – එකතු කළ අගය මත බදු සැප්තැම්බර් මස 1 වනදා සිට 12% සිට 15% දක්වා ඉහළට.

1.22 PM – ආරක්ෂක උපාය මාර්ග සංශෝධනය සඳහා යෝජනා කරනවා.

1.23 PM – රජය සතු ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කිරීමේ ඒකකයක් පිහිටුවීමට රු.මි 200ක් වෙන් කෙරේ.

1.24 PM – රාජ්‍ය ආදායම් ඉහළ නංවා ගැනීමට අදාළ පාර්ලිමේන්තු කමිටුවක් හා අබලි ද්‍රව්‍ය බැහැර කිරීමට අධීක්ෂණ කමිටුවක්.

1.25 PM – රාජ්‍ය සම්පත් සංවර්ධනය සඳහා විදේශ ආයෝජකයින් ආකර්ෂණයට පියවර ගන්නවා.

Recent Posts

ඉන්ධන සහනාධාරයක් -ජනපති ගම්පහදී කියයි.

‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…

2 days ago

ඉන්ධන බලාගාර මාෆියාවේ කොමිස්වලට යටවූ වත්මන් රජය සූර්ය බලශක්තිය විනාශ කරන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනවා-විපක්ෂ නායක

බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…

2 days ago

පොල්දූව මංසන්ධියේ දී සමගි ජන බලවේගය විසින් 22ට එරෙහිව සංවිධානය කර තිබූ උද්ඝෝෂණය

මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…

6 days ago

Colombo Dockyard Highlights Sri Lanka’s Maritime Capabilities on World Maritime Day 2026

Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…

6 days ago

පාස්කු ප්‍රහාර නඩුවේ විත්තිකරුවන් 15කට වරදකරු බවට තීන්දුවක් – 9ක් නිදොස් කොට නිදහස්

සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…

1 week ago

සීගිරියට අලුත් පෙනුමක්: ඩොලර් මිලියන 30ක සංචාරක සංවර්ධන ව්‍යාපෘතිය ඇරඹේ

ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…

1 week ago