අද පස්වරු 1.00 ට ආරම්භ වූ පාර්ලිමේන්තුවේ මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඉදිරිපත් කරන අයවැය පිලිබඳ කතාව මේ වන විට ආරම්භ වී තිබෙනවා.
එහිදී මේ දක්වා දැනුම්දුන් කරුණු පහතින්
1.07 PM – ආර්ථික අර්බුදය විසඳිය හැක්කේ කෙටි කාලීන හා දීර්ඝ කාලීන සැලසුම් ක්‍රියාත්මක කිරීමෙන්.
1.09 PM – 2025 වසර වන විට රාජ්‍ය ආදායම 15% කින් වැඩි කරනවා.
1.10 PM – වසර 25කට අදාළ ජාතික ආර්ථික ප්‍රතිපත්තියක් සකස් කිරීම.
1.10 PM – ආදායම් වැඩිකිරීමට නව යෝජනා 2023 අයවැයට ඉදිරිපත් කරනවා.
1.11 PM – අවුරුදු 18ට වැඩි සියලුදෙනාට අනිවාර්යෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචියට අවස්ථාව දෙනවා.
1.11 PM – ප්‍රමුඛ ක්ෂේත්‍ර සඳහා අරමුදල් යොදවනවා.
1.17 PM – රාජ්‍ය සම්පත් සංවර්ධනය සඳහා විදේශ ආයෝජකයින් ආකර්ෂණයට පියවර ගන්නවා.
1.19 PM – රාජ්‍ය සේවකයින් හා අර්ධ රාජ්‍ය සේවකයින්ගේ අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 60 දක්වා අඩු කිරීමට යෝජනා කරනවා.
1.20 PM – විදුලිය මඟින් ක්‍රියාකරන වාහන පමණක් රාජ්‍ය සේවා සඳහා යොදා ගන්නවා. 1.21 PM – පොසිල ඉන්ධන භාවිත කරන වාහන ගෙන්වීම අත්හිටුවනවා.
1.21 PM – එකතු කළ අගය මත බදු සැප්තැම්බර් මස 1 වනදා සිට 12% සිට 15% දක්වා ඉහළට.
1.22 PM – ආරක්ෂක උපාය මාර්ග සංශෝධනය සඳහා යෝජනා කරනවා.
1.23 PM – රජය සතු ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කිරීමේ ඒකකයක් පිහිටුවීමට රු.මි 200ක් වෙන් කෙරේ.
1.24 PM – රාජ්‍ය ආදායම් ඉහළ නංවා ගැනීමට අදාළ පාර්ලිමේන්තු කමිටුවක් හා අබලි ද්‍රව්‍ය බැහැර කිරීමට අධීක්ෂණ කමිටුවක්.
1.25 PM – රාජ්‍ය සම්පත් සංවර්ධනය සඳහා විදේශ ආයෝජකයින් ආකර්ෂණයට පියවර ගන්නවා.



