Wednesday, April 22, 2026
Homeදේශීයඅන්තරේ කැඳවුම්කරු ඇතුළු තිදෙනා දින 90 රඳවා තබා ගැනීමට අවසර

අන්තරේ කැඳවුම්කරු ඇතුළු තිදෙනා දින 90 රඳවා තබා ගැනීමට අවසර

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලීගේ සහා සෙසු පුද්ගලයින් තිදෙනා ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ දින 90 ක් රඳවා විමර්ශනය කිරීමට ආරක්ෂක අමාත්‍යාවරයා විසින් අනුමැතිය ලබා දී තිබෙනවා.

පසුගිය 18 වෙනිදා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලීගේ ඇතුළු පිරිසක් පොලිස් අත්තඩංගුවට ගෙන පැය 72 ක් රැඳවුම් නියෝග යටතේ රඳවා ප්‍රශ්නකර තිබූ අතර තවදුරටත් රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා විමර්ශන නිලධාරීන් විසින් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ ඔවුන් රඳවාතබා ගැනීමට ඉල්ලුම් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටිනවා.

READ:   ත්‍රස්තවාදීන්ට සලකන විදිහක් තියෙනවා - මන්ත්‍රී සනත් නිශාන්ත
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්