Thursday, April 23, 2026
Homeදේශීයජුලි මාසයේ මෙරට උද්ධමනය 66% ඉක්මවයි

ජුලි මාසයේ මෙරට උද්ධමනය 66% ඉක්මවයි

ජුලි මාසයේ මෙරට උද්ධමනය 66.7 % ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරනවා.

ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම මිල ගණන් වල සිදුවූ මාසික ඉහළ යෑම් හේතුවෙන් මෙලෙස උද්දමනය 66.7 % ක අගයක් දක්වා ඉහළ ගොස් ඇති බවයි දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

ඒ අනුව
ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය ජූලි මාසයේ දී 82.5% ක් දක්වාත් ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය ජූලි මාසයේදී 52.4% ක් දක්වාත් ඉහළ ගොස් ඇති බවයි ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

අදාළ නිවේදනය පහතින්

READ:   අද කාලගුණය
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්