දේශීය

තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයයෙන් මානව හිමිකම් කොමිසමට ලිපියක්

සභාපති සහ කොමාසරිස්වරුන්,
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව,
කොළඹ.

මහත්මයාණෙනි, මහත්මියනි,

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරුට එරෙහිව ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ කටයුතු කිරීමෙන් වලකින ලෙස රජයට දැනුම් දීම

මහේස්ත්‍රාත් අධිකරණයට පොලිසිය වාර්තා කළ කරුණු මත ලබාගත් වරෙන්තුවකට බව කියමින් ඊයේ (18) කොළඹදී අත්අඩංගුවට ගෙන පෑලියගොඩ පොලිසියේ රඳවා තබාගෙන සිටි අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට සූදානම් වන බව අපට වාර්තා වී තිබේ.

රටේ ඇතිවූ ආර්ථික සහ දේශපාලන අර්බුදයට එරෙහිව විරෝධතා පැවැත්වීම මත ඔහුට එරෙහිව පොලිසිය අධිකරණය කරුණු වාර්තා කර ඔහුගේ භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස හීන කිරීමට උත්සාහ කිරීමට අමතරව විශේෂ නීතියක් යටතේ රඳවා තබා ගැනීමට උත්සාහ කිරීම බරපතල තත්ත්වයකි.

එසේ හෙයින් කඩිනමින් මැදිහත්වී, විශේෂ නීතියක් යටතේ ඔහුට එරෙහිව කටයුතු කිරීම නතර කිරීමට ශ්‍රී ලංකා පොලිසියට නිර්දේශ කරන ලෙස ඉල්ලා සිටිමු.

ස්තුතියි.

මෙයට,
විශ්වාසී,

තරිඳු ජයවර්ධන
තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය වෙනුවෙන්

උපුටා ගැනීම

Recent Posts

ඉන්ධන සහනාධාරයක් -ජනපති ගම්පහදී කියයි.

‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…

2 days ago

ඉන්ධන බලාගාර මාෆියාවේ කොමිස්වලට යටවූ වත්මන් රජය සූර්ය බලශක්තිය විනාශ කරන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනවා-විපක්ෂ නායක

බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…

2 days ago

පොල්දූව මංසන්ධියේ දී සමගි ජන බලවේගය විසින් 22ට එරෙහිව සංවිධානය කර තිබූ උද්ඝෝෂණය

මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…

6 days ago

Colombo Dockyard Highlights Sri Lanka’s Maritime Capabilities on World Maritime Day 2026

Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…

6 days ago

පාස්කු ප්‍රහාර නඩුවේ විත්තිකරුවන් 15කට වරදකරු බවට තීන්දුවක් – 9ක් නිදොස් කොට නිදහස්

සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…

1 week ago

සීගිරියට අලුත් පෙනුමක්: ඩොලර් මිලියන 30ක සංචාරක සංවර්ධන ව්‍යාපෘතිය ඇරඹේ

ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…

1 week ago