දේශීය

යුරියා මිලට ගැනීමට ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 90ක්

ලබන මහ කන්නයේ දී වගාවට අවශ්‍ය යුරියා පොහොර මිල දී ගැනීමට ලෝක බැංකුව විසින් ඩොලර් මිලියන 90ක  මුදලක් ශ්‍රී ලංකාවට ලබා දීමට එකඟතාවය පළ කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. 

2022/23 මහ කන්නයේ වී වගාව සඳහා අවශ්‍ය යුරියා පොහොර බෙදාහැරීමේ වැඩපිළිවෙළ යටතේ පළමු තොගය යාපනය දිස්ත්‍රික්කයේ ගොවි ජනතාව වෙත ලබා දීම ඊයේ (15) සිදු කෙරුණු අතර ඊට එක්වෙමින් ඇමතිවරයා මේ බව කීය.

මේ යටතේ යුරියා පොහොර හෙට්‍රික් ටොන් 200ක් ඊයේ යාපනයට යැවීමට පියවර ගත් අතර ලංකා පොහොර සමාගම් පරිශ්‍රයේ දී එම කටයුතු ආරම්භ විය. එහිදී යාපනයේ  ගොවි ජනතාවට යුරියා පොහොර බෙදාහැරීම සංකේතවත් කරමින් අදාල යුරියා පොහොර තොගය අමාත්‍යවරයා විසින් ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් ඒ. එච්. එම්. එල්. අබේරත්න මහතාට බාරදුන්නේය.

ලංකා පොහොර සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා විසින් මෙම කටයුතු සංවිධාන කර තිබුනි. 

ලබන මහ කන්නයේ වී වගාව සඳහා අවශ්‍ය  යුරියා පොහොර බෙදාහැරීම් කටයුතු වගා කන්නය ආරම්භ වීමට ප්‍රථම සිදු කරන්නැයි කෘෂිකර්ම අමාත්‍යවරයා උපදෙස් දී තිබිනි. ඉන්දීය රජය විසින් ශ්‍රී ලංකාවට ලබා දෙන ලද යුරියා පොහොර මෙට්‍රික් ටොන් 65,000න් පළමු තොගය වශයෙන් ලැබුනු මෙට්‍රික් ටොන් 44,000 බෙදා දෙන විට යාපනයේ වී අස්වනු නෙළමින් තිබිනි. එමනිසා එම ගොවි ජනතාවට යුරියා පොහොර යල කන්නයේ දී ලබා නොදුන්  අතර යාපනයේ ජනතාවට කෘතගුණ දැක්වීමක් වශයෙන් මහ කන්නය ආරම්භ වීමට ප්‍රථම ඔවුන්ට යුරියා පොහොර ලබා දෙන ලෙස අමාත්‍යවරයා තීන්දු කරනු ලැබීය.

මේ අතර ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ මෙරටට ලබා දෙන යුරියා පොහොරවලින්  මෙට්‍රික් ටොන් 21,000ක් සහිත දෙවන නෞකාව මෙම සතිය තුළ කොළඹ වරායට ලඟාවීමට නියමිතය.

එම පොහොර තොගය හා දැනට යල කන්නය සදහා බෙදාහැර ඉතිරි වී ඇති යුරියා පොහොර තොග වී, බඩඉරිඟු, තේ හා අල වගාව සඳහා ද ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර ඇතැයි මෙම අවස්ථාවට සහභාගිවෙමින් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

වැඩිදුරටත්  අදහස් පළ කළ අමාත්‍යවරයා

ලබන මහ කන්නයේ දී වගාවට අවශ්‍ය යුරියා පොහොර මිල දී ගැනීමට ලෝක බැංකුව විසින් ඩොලර් මිලියන 90ක  මුදලක් අපිට ලබා දීමට එකඟතාවය පළ කළා. ඒ යටතේ මහ කන්නය ආරම්භයේ දීම අවශ්‍ය යුරියා පොහොර  ගොවීන්ට ලබා දීමට අපිට හැකියාවක් තිබෙනවා. ලබන මහ කන්නයෙන් පසු මේ රටට සහල් ආනයනය කිරීමේ අවශ්‍යතාවයක් නෑ. අපිට අවශ්‍ය සහල් ප්‍රමාණය අපේ  රටේ ම නිපදවා ගත හැකියි. ඒ සඳහා අවශ්‍ය සියලු පහසුකම් අපි ගොවි ජනතාවට ලබා  දෙනවා යැයි ද අමාත්‍යවරයා පැවසීය.

උපුටා ගැනීම දිනමිණ පුවත්පත

Recent Posts

මුදා ගැනීමේ මෙහෙයුම් සඳහා නේපාලයට සහාය වීමට ශ්‍රී ලංකාව සූදානම් – නේපාලයේ හදිසි ගංවතුර තත්ත්වය ගැන ජනපති ශෝකය පළ කරයි

නේපාලයේ ඇති වූ විනාශකාරී ගංවතුර තත්ත්වය හේතුවෙන් සිදුව ඇති ඛේදජනක ජීවිත හානි පිළිබඳව ජනාධිපති අනුර…

1 day ago

උතුම් නිකිණි පුර පසළොස්වක පුන්පොහෝ දිනය අදයි

හංසවතී නගරයේ අගරජ වූයේ ආනන්ද නම් රජෙකි. සුමන කුමරු ආනන්ද රජුගේ දෙටු පුත‍්‍රයාය. විජිතයේ හටගත්…

2 days ago

නන්දා මාලිනිය නිහඬ කළ හඬ | රටක් ශෝක වන දින තුනක්

ශ්‍රී ලංකාවේ ගුවන් විදුලියක් හෝ රූපවාහිනියක් අසල, කවුරුත් නැති කාමරයක තනිව සිටියත්, පවුලේ අයත් සමඟ…

1 week ago

ගොවියා සවි බල ගන්වන. සිලෝන් ග්‍රින් ලයිෆ් ප්ලාන්ටේෂන් “ජාතික ගොවි පවුර” ව්‍යාපෘතිය මොනරාගලින් අරඹයි

ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තයේ නව්‍ය කරනයේ රන් සලකුණ වන ceylon green life plantation පුද්ගලික සමාගම තම…

1 week ago

රටේ තීරණාත්මක සිද්ධියක් යන වෙලාවේ ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් කැපී පෙනෙන ලිපියක්..!

උපුටා ගැනීම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීමේ ව්‍යවස්ථා සංශෝධනය අනාගතය සඳහා මිස දැනට ධූරයේ සිටින විනිසුරුවරුන්…

1 week ago