දේශීය

යුරියා මිලට ගැනීමට ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 90ක්

ලබන මහ කන්නයේ දී වගාවට අවශ්‍ය යුරියා පොහොර මිල දී ගැනීමට ලෝක බැංකුව විසින් ඩොලර් මිලියන 90ක  මුදලක් ශ්‍රී ලංකාවට ලබා දීමට එකඟතාවය පළ කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. 

2022/23 මහ කන්නයේ වී වගාව සඳහා අවශ්‍ය යුරියා පොහොර බෙදාහැරීමේ වැඩපිළිවෙළ යටතේ පළමු තොගය යාපනය දිස්ත්‍රික්කයේ ගොවි ජනතාව වෙත ලබා දීම ඊයේ (15) සිදු කෙරුණු අතර ඊට එක්වෙමින් ඇමතිවරයා මේ බව කීය.

මේ යටතේ යුරියා පොහොර හෙට්‍රික් ටොන් 200ක් ඊයේ යාපනයට යැවීමට පියවර ගත් අතර ලංකා පොහොර සමාගම් පරිශ්‍රයේ දී එම කටයුතු ආරම්භ විය. එහිදී යාපනයේ  ගොවි ජනතාවට යුරියා පොහොර බෙදාහැරීම සංකේතවත් කරමින් අදාල යුරියා පොහොර තොගය අමාත්‍යවරයා විසින් ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් ඒ. එච්. එම්. එල්. අබේරත්න මහතාට බාරදුන්නේය.

ලංකා පොහොර සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා විසින් මෙම කටයුතු සංවිධාන කර තිබුනි. 

ලබන මහ කන්නයේ වී වගාව සඳහා අවශ්‍ය  යුරියා පොහොර බෙදාහැරීම් කටයුතු වගා කන්නය ආරම්භ වීමට ප්‍රථම සිදු කරන්නැයි කෘෂිකර්ම අමාත්‍යවරයා උපදෙස් දී තිබිනි. ඉන්දීය රජය විසින් ශ්‍රී ලංකාවට ලබා දෙන ලද යුරියා පොහොර මෙට්‍රික් ටොන් 65,000න් පළමු තොගය වශයෙන් ලැබුනු මෙට්‍රික් ටොන් 44,000 බෙදා දෙන විට යාපනයේ වී අස්වනු නෙළමින් තිබිනි. එමනිසා එම ගොවි ජනතාවට යුරියා පොහොර යල කන්නයේ දී ලබා නොදුන්  අතර යාපනයේ ජනතාවට කෘතගුණ දැක්වීමක් වශයෙන් මහ කන්නය ආරම්භ වීමට ප්‍රථම ඔවුන්ට යුරියා පොහොර ලබා දෙන ලෙස අමාත්‍යවරයා තීන්දු කරනු ලැබීය.

මේ අතර ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ මෙරටට ලබා දෙන යුරියා පොහොරවලින්  මෙට්‍රික් ටොන් 21,000ක් සහිත දෙවන නෞකාව මෙම සතිය තුළ කොළඹ වරායට ලඟාවීමට නියමිතය.

එම පොහොර තොගය හා දැනට යල කන්නය සදහා බෙදාහැර ඉතිරි වී ඇති යුරියා පොහොර තොග වී, බඩඉරිඟු, තේ හා අල වගාව සඳහා ද ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර ඇතැයි මෙම අවස්ථාවට සහභාගිවෙමින් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

වැඩිදුරටත්  අදහස් පළ කළ අමාත්‍යවරයා

ලබන මහ කන්නයේ දී වගාවට අවශ්‍ය යුරියා පොහොර මිල දී ගැනීමට ලෝක බැංකුව විසින් ඩොලර් මිලියන 90ක  මුදලක් අපිට ලබා දීමට එකඟතාවය පළ කළා. ඒ යටතේ මහ කන්නය ආරම්භයේ දීම අවශ්‍ය යුරියා පොහොර  ගොවීන්ට ලබා දීමට අපිට හැකියාවක් තිබෙනවා. ලබන මහ කන්නයෙන් පසු මේ රටට සහල් ආනයනය කිරීමේ අවශ්‍යතාවයක් නෑ. අපිට අවශ්‍ය සහල් ප්‍රමාණය අපේ  රටේ ම නිපදවා ගත හැකියි. ඒ සඳහා අවශ්‍ය සියලු පහසුකම් අපි ගොවි ජනතාවට ලබා  දෙනවා යැයි ද අමාත්‍යවරයා පැවසීය.

උපුටා ගැනීම දිනමිණ පුවත්පත

Recent Posts

Protest in Los Angeles Demands Justice for Sri Lankan Garment Worker Pushpalatha

Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…

4 days ago

ලොස් ඇන්ජලීස්හිදී ශ්‍රී ලාංකික ඇඟලුම් සේවිකාවකට යුක්තිය ඉල්ලා විරෝධතාවක්

Victoria’s Secret විලාසිතා දැක්ම අතරතුර පුෂ්පලතාගේ මරණය ගැන අවධානය යොමු කරයි ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර…

4 days ago

දිවයින පුරා බිඳ වැටුණු විදුලිය යථා තත්ත්වයට

දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…

1 week ago

වේදනාව, පසුතැවීම ඉතිරි කර මහ ඇතාත් යන්න ගිහින්

මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…

1 week ago