රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල හා රජය සතු ව්‍යවසාය ආයතනවල සභාපති සහ අධ්‍යක්ෂ තනතුරු සඳහා නව පත්කිරීම් සිදුකිරීමේ දී හෝ වෙනස් කිරීමේ දී පූර්ව අනුමැතිය ලබා ගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් කමිටුවක් පත් කර තිබෙනවා.
ජනාධිපති ලේකම් සමන් ඒකනායකගේ සභාපතිත්වයෙන් යුත් මෙම කමිටුවේ අග්‍රමාත්‍ය ලේකම් අනුර දිසානායක, අමාත්‍ය මණ්ඩල ලේකම් ඩබ්ලිව්.එම්.ඩී.ජේ. ප්‍රනාන්දු යන පුද්ගලයින් සෙසු සාමාජිකයන් ලෙස පත් කර තිබෙනවා.
ඒ අනුව රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල හා රජය සතු ව්‍යවසාය ආයතනවල සභාපති සහ අධ්‍යක්ෂ මණ්ඩල තනතුරු වෙනස් කිරීමට අවශ්‍ය වේ නම් සාධාරණීකරණය කළ හැකි හේතු සහිතව නාම යෝජනා කමිටුවට ඉදිරිපත් කර පූර්ව අනුමැතිය ලබා ගැනීම අනිවාර්යය වෙනවා.
https://youtu.be/j7p-X33xpfs
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU
තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…
පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…
Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…