Wednesday, June 3, 2026
Homeදේශීයරාජ්‍ය ආයතනවල මුල්පුටු වෙනුවෙන් පත්කිරීම් සිදු කිරීමේදී අනුමැතිය සඳහා කමිටුවක්

රාජ්‍ය ආයතනවල මුල්පුටු වෙනුවෙන් පත්කිරීම් සිදු කිරීමේදී අනුමැතිය සඳහා කමිටුවක්

රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල හා රජය සතු ව්‍යවසාය ආයතනවල සභාපති සහ අධ්‍යක්ෂ තනතුරු සඳහා නව පත්කිරීම් සිදුකිරීමේ දී හෝ වෙනස් කිරීමේ දී පූර්ව අනුමැතිය ලබා ගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් කමිටුවක් පත් කර තිබෙනවා.

ජනාධිපති ලේකම් සමන් ඒකනායකගේ  සභාපතිත්වයෙන් යුත් මෙම කමිටුවේ අග්‍රමාත්‍ය ලේකම් අනුර දිසානායක, අමාත්‍ය මණ්ඩල ලේකම් ඩබ්ලිව්.එම්.ඩී.ජේ. ප්‍රනාන්දු යන පුද්ගලයින් සෙසු සාමාජිකයන් ලෙස  පත් කර තිබෙනවා.

ඒ අනුව රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල හා රජය සතු ව්‍යවසාය ආයතනවල සභාපති සහ අධ්‍යක්ෂ මණ්ඩල තනතුරු වෙනස් කිරීමට අවශ්‍ය වේ නම් සාධාරණීකරණය කළ හැකි හේතු සහිතව නාම යෝජනා කමිටුවට ඉදිරිපත් කර පූර්ව අනුමැතිය ලබා ගැනීම අනිවාර්යය වෙනවා.

READ:   ශ්‍රී ලංකා Legends අනුශූරයෝ වෙති
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්