ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම විසින් සංවිධානය කර තිබූ ආරාධිත පන්දුවාර 20 ක්‍රිකට් තරඟාවලියේ ශූරතාවය දිනාගැනීමට SLC Reds කණ්ඩායම සමත් වූවා.
අවසන් තරඟයේ කාසියේ වාසිය දිනූ Reds කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් Blues කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 6 ක් දැවී ලකුණු 136 ක් රැස් කිරීමට සමත් වුනා.
අශේන් බණ්ඩාර නොදැවී ලකුණු 40 ක්, ලහිරු උදාර ලකුණු 37 ක්,නායක ධනංජය ද සිල්වා ලකුණු 25 ක්, ජනිත් ලියනගේ ලකුණු 12ක් සහ සධීර සමරවික්‍රම ලකුණු 10 ක් එහිදී ලබා ගැනීමට සමත් වුණා.
පන්දු යැවීමේ දී මහීෂ් තීක්ෂණ හා අසිත ප්‍රනාන්දු කඩුලු 2 බැගින් බිද හෙලූ අතර, දුනිත් වෙල්ලාලගේ හා ලහිරු මදුෂංක එක් කඩුල්ල බැගින් දවා ගත්තා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Reds කණ්ඩායම පන්දුවාර 16.5 ක් අවසානයේ කඩුලු 3 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පහසුවෙන් පසු කිරීමට සමත් වුනා.
කෘෘස්පුල්ලේ ලකුණු 25 ක්, භානුක රාජපක්ෂ ලකුණු 9 ක්, කමිදු මෙන්ඩිස් ලකුණු 18 ක්, කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 56 ක් හා වනිදු හසරංග නොදැවී ලකුණු 24 ක් ලබා ගත්තා.
ශ්‍රී ලංකාවට තවදුරටත් වරින් වර සිදුකරන ව්‍යවස්ථා සංශෝධන වෙනුවට, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ මූලික අවබෝධයක් සහිතව…
ආසියානු කුසලාන අවසන් මහා තරගයේදී ඉන්දියාව හමුවේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පරාජයට පත්වීමෙන් අනතුරුව පැවති…
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…