දේශීය

ආරාධිත T 20 ලීග් ශූරතාවය SLC Reds කණ්ඩායම හිමිකරගනී

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම විසින් සංවිධානය කර තිබූ ආරාධිත පන්දුවාර 20 ක්‍රිකට් තරඟාවලියේ ශූරතාවය දිනාගැනීමට SLC Reds කණ්ඩායම සමත් වූවා.

අවසන් තරඟයේ කාසියේ වාසිය දිනූ Reds කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් Blues කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 6 ක් දැවී ලකුණු 136 ක් රැස් කිරීමට සමත් වුනා.

අශේන් බණ්ඩාර නොදැවී ලකුණු 40 ක්, ලහිරු උදාර ලකුණු 37 ක්,නායක ධනංජය ද සිල්වා ලකුණු 25 ක්, ජනිත් ලියනගේ ලකුණු 12ක් සහ සධීර සමරවික්‍රම ලකුණු 10 ක් එහිදී ලබා ගැනීමට සමත් වුණා.

පන්දු යැවීමේ දී මහීෂ් තීක්ෂණ හා අසිත ප්‍රනාන්දු කඩුලු 2 බැගින් බිද හෙලූ අතර, දුනිත් වෙල්ලාලගේ හා ලහිරු මදුෂංක එක් කඩුල්ල බැගින් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Reds කණ්ඩායම පන්දුවාර 16.5 ක් අවසානයේ කඩුලු 3 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පහසුවෙන් පසු කිරීමට සමත් වුනා.

කෘෘස්පුල්ලේ ලකුණු 25 ක්, භානුක රාජපක්ෂ ලකුණු 9 ක්, කමිදු මෙන්ඩිස් ලකුණු 18 ක්, කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 56 ක් හා වනිදු හසරංග නොදැවී ලකුණු 24 ක් ලබා ගත්තා.

Recent Posts

ප්‍රදේශ කිහිපයක අදත් හවසට වැස්ස

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල සහ කුරුණෑගල, අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවල පස්වරු 1.00…

17 hours ago

තුර්කි – ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික නියෝජිත හමුවක්

ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරගැනීම සහ දෙරට අතර ආර්ථික…

17 hours ago

රජයේ නොහැකියාවයි වැඩ බැරිකමයි වහගන්න මර්දන පනත් ගෙන එන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක

අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්‍රියාත්මක නොවූ ශක්තිමත් රාජ්‍ය පාලනයක්…

2 days ago

රට හරි පාරේ ගෙනියන්න මඟපෙන්වීම දෙන්නේ අපි-npp විද්වත් සංවිධානයේ මෙහෙයුම් කමිටු සාමාජික ජනාධිපති නීතිඥ උපාලි කුමාරප්පෙරුම

මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…

2 days ago

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

4 days ago