Sunday, June 14, 2026
Homeක්‍රීඩාආරාධිත T 20 ලීග් ශූරතාවය SLC Reds කණ්ඩායම හිමිකරගනී

ආරාධිත T 20 ලීග් ශූරතාවය SLC Reds කණ්ඩායම හිමිකරගනී

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම විසින් සංවිධානය කර තිබූ ආරාධිත පන්දුවාර 20 ක්‍රිකට් තරඟාවලියේ ශූරතාවය දිනාගැනීමට SLC Reds කණ්ඩායම සමත් වූවා.

අවසන් තරඟයේ කාසියේ වාසිය දිනූ Reds කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් Blues කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 6 ක් දැවී ලකුණු 136 ක් රැස් කිරීමට සමත් වුනා.

අශේන් බණ්ඩාර නොදැවී ලකුණු 40 ක්, ලහිරු උදාර ලකුණු 37 ක්,නායක ධනංජය ද සිල්වා ලකුණු 25 ක්, ජනිත් ලියනගේ ලකුණු 12ක් සහ සධීර සමරවික්‍රම ලකුණු 10 ක් එහිදී ලබා ගැනීමට සමත් වුණා.

පන්දු යැවීමේ දී මහීෂ් තීක්ෂණ හා අසිත ප්‍රනාන්දු කඩුලු 2 බැගින් බිද හෙලූ අතර, දුනිත් වෙල්ලාලගේ හා ලහිරු මදුෂංක එක් කඩුල්ල බැගින් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Reds කණ්ඩායම පන්දුවාර 16.5 ක් අවසානයේ කඩුලු 3 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පහසුවෙන් පසු කිරීමට සමත් වුනා.

කෘෘස්පුල්ලේ ලකුණු 25 ක්, භානුක රාජපක්ෂ ලකුණු 9 ක්, කමිදු මෙන්ඩිස් ලකුණු 18 ක්, කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 56 ක් හා වනිදු හසරංග නොදැවී ලකුණු 24 ක් ලබා ගත්තා.

READ:   ඔරුගොඩවත්ත කර්මාන්ත ශාලාවක ගින්නක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්