Thursday, July 23, 2026
Homeදේශීයවීසා අවලංගු වූ විදේශිය කාන්තාවගෙන් අධිකරණයට පෙත්සමක්

වීසා අවලංගු වූ විදේශිය කාන්තාවගෙන් අධිකරණයට පෙත්සමක්

පසුගිය දා මෙරට රැදී සිටීම සඳහා වන වීසා බලපත්‍රය අවලංගු කිරීමට ලක් වූ ස්කොට්ලන්ත ජාතික කෙලිග් ෆේසර් විසින් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස මෙරට ආගමන හා විගමන පාලකවරයා සහ නීතිපතිවරයා නම් කරමින් ඇය මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.

තමන් ගාලුමුවදොර පැවති ගෝටා ගෝ ගෝම් අරගලය සඳහා ක්‍රියාකාරීව මැදිහත් වී ඇති බව දන්වමින් මෙරට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් තමා වෙත මෙරට තුළ රැදී සිටීම සඳහා නිකුත් කර තිබූ වීසා බලපත්‍රය අත්තනෝමතික ලෙස අවලංගු කිරීමට කටයුතු කළ බව ඇය පෙත්සම තුලින් පෙන්වා දෙනවා.

තමන් ශ්‍රී ලංකාවෙන් පිටුවහල් කිරීම සඳහා ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් ගෙන තිබෙන තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ඇය මෙම රිට් පෙත්සම ගොනු කර සිටියා.

READ:   ගෙවුණු පැය 24 තුළ රිය අනතුරු වලින් පුද්ගලයින් 5 දෙනෙකු මිය යයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

The request cannot be completed because you have exceeded your quota.

පුවත්

පැරණි පුවත්