ගාලුමුවදොර තරුණ අරගල කරුවන් නැගී සිටියේ මෙරට දූශිත දේශපාලනය, පගා අල්ලස් දී දේශපාලනයට පැමිණීම, හොර ජාවාරම් කාරයන් කසිප්පු විකුණා හම්බ කළ සල්ලි වලින් හෝ පාර්ලිමේන්තු පැමිණීම වැනි දෑ නවත්වමින් රටට හරි පාර කැපිමට බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසනවා. පවතින තත්වයට රට පත්කර ජනතාව මෝඩයට අන්ඳවා ජන ජීවිතය විනාශ කළ රජයම නැවත වරක් මෙලෙස හිස ඔසවා බලයට පැමිණිම පිළිබඳව තමන් කණගාටුවට පත් වන බව පවසන එතුමන් ඒ පිළිබඳව ජනතාව අවධානයෙන් පසු විය යුතු බව අවධාරණය කර සිටියා.
වර්තමාන රජයේ පවතින උද්දච්ච කම නිසා සහ ජනතාව යනු මෝඩයන් යැයි සිතා, ජනතාව අන්ඳවා කටයුතු කිරීමේ පුරුද්ද නිසා රට මේ තත්වයට පත්ව ඇති බවයි සරත් ෆොන්සේකා මහතා පවසන්නේ
පසුගිය කාලයේ ජනතාව නැගී සිටින විට රජයේ මැති ඇමතිවරු සහ අගමැති පළා ගිය නමුත් , නැවතත් ඔවුන් කරලියට පැමිණ නැවතත් පම්පෝරි ගසමින් ජනතාවට අභියෝග කරනට පටන්ගෙන ඇති බව ද එතුමන් පෙන්වා දෙනවා.
රට වෙනුවෙන් හඬ නැඟූ තරුණ දරුවන් වෙනුවෙන් ජනතාව එක්ව හිට ගතු යතු බව පවසන ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, හඬ නැඟු තරුණ දරුවන් මර්දනය කිරීම තුලින් අරගලය මර්දනයට රජයට හැකි වුවද, අරගලයේ සංකල්පය අවසන් වී නොමැති බව එතුමන් පවසනවා. ජනතා අරගලය ප්‍රතිසංවිධානය විය යුතු බවත් ඒ සඳහා යම් කාලයක් ගතවනු ඇති බවත් පවසන එතුමන් සැමදා තමා තරුණයන්ගේ අරගලයට ආශිර්වාද කරන බව පවසා සිටියා.
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…