Thursday, June 4, 2026
Homeදේශීයදූශිත දේශපාලනයට එරෙහි අරගලය ප්‍රතිසංවිධානය විය යුතුයි - සරත් ෆොන්සේකා පවසයි

දූශිත දේශපාලනයට එරෙහි අරගලය ප්‍රතිසංවිධානය විය යුතුයි – සරත් ෆොන්සේකා පවසයි

ගාලුමුවදොර තරුණ අරගල කරුවන් නැගී සිටියේ මෙරට දූශිත දේශපාලනය, පගා අල්ලස් දී දේශපාලනයට පැමිණීම, හොර ජාවාරම් කාරයන් කසිප්පු විකුණා හම්බ කළ සල්ලි වලින් හෝ පාර්ලිමේන්තු පැමිණීම වැනි දෑ නවත්වමින් රටට හරි පාර කැපිමට බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසනවා. පවතින තත්වයට රට පත්කර ජනතාව මෝඩයට අන්ඳවා ජන ජීවිතය විනාශ කළ රජයම නැවත වරක් මෙලෙස හිස ඔසවා බලයට පැමිණිම පිළිබඳව තමන් කණගාටුවට පත් වන බව පවසන එතුමන් ඒ පිළිබඳව ජනතාව අවධානයෙන් පසු විය යුතු බව අවධාරණය කර සිටියා.

වර්තමාන රජයේ පවතින උද්දච්ච කම නිසා සහ ජනතාව යනු මෝඩයන් යැයි සිතා, ජනතාව අන්ඳවා කටයුතු කිරීමේ පුරුද්ද නිසා රට මේ තත්වයට පත්ව ඇති බවයි සරත් ෆොන්සේකා මහතා පවසන්නේ

පසුගිය කාලයේ ජනතාව නැගී සිටින විට රජයේ මැති ඇමතිවරු සහ අගමැති පළා ගිය නමුත් , නැවතත් ඔවුන් කරලියට පැමිණ නැවතත් පම්පෝරි ගසමින් ජනතාවට අභියෝග කරනට පටන්ගෙන ඇති බව ද එතුමන් පෙන්වා දෙනවා.

රට වෙනුවෙන් හඬ නැඟූ තරුණ දරුවන් වෙනුවෙන් ජනතාව එක්ව හිට ගතු යතු බව පවසන ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, හඬ නැඟු තරුණ දරුවන් මර්දනය කිරීම තුලින් අරගලය මර්දනයට රජයට හැකි වුවද, අරගලයේ සංකල්පය අවසන් වී නොමැති බව එතුමන් පවසනවා. ජනතා අරගලය ප්‍රතිසංවිධානය විය යුතු බවත් ඒ සඳහා යම් කාලයක් ගතවනු ඇති බවත් පවසන එතුමන් සැමදා තමා තරුණයන්ගේ අරගලයට ආශිර්වාද කරන බව පවසා සිටියා.

READ:   භාෂණයේ සහ ප්‍රකාශනයේ අයිතිය කඩ කරන ශ්‍රී ලංකා පොලිසියේ නියෝගය
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්