දේශීය

රන්ජන් රාමනායකට සමාව ලබාදීම සඳහා නිර්දේශ ජනපතිට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක හට ජනාධිපති සමාව ලබාදීම සඳහා අවශ්‍ය අධිකරණ අමාත්‍යාංශයේ නිර්දේශ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළ බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසනවා.

බන්ධනාගාර කොමසාරිස් වරයාගේ වාර්තාව සහ නිතීපතිවරයාගේ උපදෙස් මත යම් කොන්දේසියකට යටත්ව ජනාධිපති සමාව ලබාදීම සඳහා වූ නිර්දේශය ජනාධිපතිවරයා වෙත මේ වන විට ඉදිරිපත් කර ඇති බව එතුමා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක විසින් අධිකරණය සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශය පිළිබඳව කණගාටුව ප්‍රකාශ කර දිව්රුම් ප්‍රකාශයක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජනාධිපතිවරයා විසින් හිටපු අමාත්‍ය රන්ජන් රාමනායක හට සමාව ලබා දිය හැකි වන බවයි අධිකරණය අමාත්‍ය විජේදාස රාජපක්ෂ එහිදි ප්‍රකාශ කර සිටියේ.

Recent Posts

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

11 hours ago

ඉදිරිදින කිහිපයේ දී දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක්

තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…

1 day ago

ජලාශ ජල මට්ටම් ඉහළ ගියද ගංවතුර තත්ත්වයක් නැහැ – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…

1 day ago

Protest in Los Angeles Demands Justice for Sri Lankan Garment Worker Pushpalatha

Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…

6 days ago