Thursday, July 23, 2026
Homeදේශීයරන්ජන් රාමනායකට සමාව ලබාදීම සඳහා නිර්දේශ ජනපතිට

රන්ජන් රාමනායකට සමාව ලබාදීම සඳහා නිර්දේශ ජනපතිට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක හට ජනාධිපති සමාව ලබාදීම සඳහා අවශ්‍ය අධිකරණ අමාත්‍යාංශයේ නිර්දේශ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළ බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසනවා.

බන්ධනාගාර කොමසාරිස් වරයාගේ වාර්තාව සහ නිතීපතිවරයාගේ උපදෙස් මත යම් කොන්දේසියකට යටත්ව ජනාධිපති සමාව ලබාදීම සඳහා වූ නිර්දේශය ජනාධිපතිවරයා වෙත මේ වන විට ඉදිරිපත් කර ඇති බව එතුමා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක විසින් අධිකරණය සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශය පිළිබඳව කණගාටුව ප්‍රකාශ කර දිව්රුම් ප්‍රකාශයක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජනාධිපතිවරයා විසින් හිටපු අමාත්‍ය රන්ජන් රාමනායක හට සමාව ලබා දිය හැකි වන බවයි අධිකරණය අමාත්‍ය විජේදාස රාජපක්ෂ එහිදි ප්‍රකාශ කර සිටියේ.

READ:   රනිල් හසුරුවන්නේ කව්ද ?
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්