Tuesday, June 9, 2026
Homeදේශීය100% ස්බාවික, සුපිරි රසයක් නිවසේදීම

100% ස්බාවික, සුපිරි රසයක් නිවසේදීම

සුප් කැට වෙනුවට , ඊටත් වඩා රස ආහාර රස කාරකයක්….. 💚

පුංචි දරුවො ඉන්න ගෙවල් වල නිතර රයිස් කෙටි කෑම වගෙ හදනවනෙ. කවුරු කොහොම කිව්වත් සුප් කැටයකින් එන රසය ඒ ඒ කෑම වලට ආවේනික වෙලා. ඉතිං ඒ උනත් දැන දැන අහිතකර දේවල් දරුවන්ට දෙන්නත් බැහැ.

ළමයි රසට ගොඩක් කැමතියි. නූඩ්ලස් ,පැස්තා,කොත්තු,රයිස්, චිකන් කරි,තෙම්පරාදු බත් හදත්දි මේ පව්ඩර් එක හැන්දක් ඇති.

සුප් කැට වලට වඩා ප්‍රනීත රසයක් මෙයින් ලැබෙනව. ඉතිං ආයෙත් නම් සුප්කැට වල අවශ්‍යතාවයක් දැනෙන එකක් නැහැ.

අවශ්‍ය ද්‍රව‍ය :

_____________

🌱පෙති කපා වේලා ගත් ඉඟුරු

🌱පෙති කපා වේලා ගත් සුදුළූනු

🌱කඩල පරිප්පු මිටක්

🌱වියලි මිරිස් කරල් 4

🌱පෙරුම් කායම් කෑල්ලක්

🌱කරපිංචා අවශ්‍ය තරම්

සාදන ක්‍රමය :

_____________

1. ඉඟුරු සුදුළූනු හොඳින් වේලා ගන්න.

2. කරපිංචා තෙත හොඳින් සීරෙන්න තියල පිහලා වේලා ගන්න .

3. මුලින්ම කබලක් ලිප තියල පරිප්පු පෙරුම් කායම් බැද ගන්න.

4. රන්වන් පාට වෙත්දි ඉඟුරු සුදුළූනු දාලා නැවත බදින්න.

ඉන් පස්සෙ වියලි මිරිස් කරල් දමා බැදෙන විට කරපිංචා කොල ටික දමා විනාඩි 4ක් බදින්න.

5. මේ ටික නිවුනයින් පස්සෙ ග්‍රයින්ඩ් කරගන්න.

උපුටා ගැනිම

READ:   ගෑස් මිල සංශෝධනය අද
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්