Monday, April 20, 2026
Homeදේශීයනව රජයෙන් පාසල් දරුවන්ට අර්ධකාලීන රැකියා දෙනවලු

නව රජයෙන් පාසල් දරුවන්ට අර්ධකාලීන රැකියා දෙනවලු

සතියට පැය විස්සක උපරිමයකට යටත් ව වයස අවුරුදු දහසය – විස්ස අතර තරුණ තරුණියන්ට අර්ධකාලීන රැකියාවන්හි නිරතවීමට ප්‍රතිපාදන ඇතුළත් වන පරිදි කම්කරු නීති සංශෝධනයට පියවර ගැනීමට කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පියවර ගනිමින් සිටී.

සියලු රැකියාවන්ට එක හා සමානව ගරු කරන ශ්‍රමයේ ගරුත්වය පිළිබද හැගීමක් නිර්මාණය කිරීම, කිසිදු රැකියාවක් කිසිදු පදනමකින් වෙනස් කොට නොසැලකීමට හුරු කරවීම සහ පාසල් වියේ දී ම තරුණ තරුණියන් වැඩ පරිසරයට හුරුකරවීමත්, එසේ නොවීම කම්කරු ක්ෂේත්‍රයේ මතුව ඇති බොහෝ ගැටලුවලට හේතුව බවත්, කම්කරු හා විදෙස් රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාරගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවක දී අනාවරණය වී ඇත.

ආයෝජනයට හිතකර ශ්‍රම බලකායක් නිර්මාණය කිරීමත්, ජාත්‍යන්තර ශ්‍රම වෙළෙදපොළ තත්ත්වයන්ට පාසල් වියේ දී ම හුරු කරවීමත්, අධ්‍යාපන කටයුතුවල දී ස්වාධීනත්වයේ අභිමානය තරුණ තරුණියන් තුළ ජනිත කරවීමත් අරමුණු කර ගනිමින් උක්ත සංශෝධන කෙරෙහි අමාත්‍යංශ අවධානය යොමු ව තිබේ.

මෙම වයසේ සිටින තරුණ තරුණියන් හට දිනකට පැය හතරක උපරිමයකට යටත් ව සතියේ දින පහක් හෝ සතියට පැය විස්සක උපරිමයකට යටත් ව සති අන්තයේත් රැකියාවන්හි නිතරවීමට අවකාශ සැලසේ. දැනට හදුනාගෙන ඇති අනතුරුදායක රැකියා කාණ්ඩ හැත්තෑ දෙකෙන් පරිභාහිර ව අවහන්හල්, සුපිරි වෙළෙදසැල්, පිරිසුදු කිරීම් ආශ්‍රිත අර්ධ කාලීන රැකියාවන්හි නිරත වීමට අවස්ථාව සැලසෙන අතර, අදාළ සේවා යෝජකයන් මෙම තරුණ තරුණියන්ට විධිමත් පුහුණුවක් ලබා දීම අනිවාර්යය වේ. කිසිදු අවස්ථාවක ස්ථිර රැකියා අවස්ථාවන් ලබා නොදීමටත්, නිසි පරිදි වැටුප් ගෙවීම්, ආරක්ෂාව සහ ගරුත්වය ලබා දීමත් සේවා යෝජකයාගේ වගකීම වේ. එසේ ම මෙයට අනුරූප ව ඊ.පී.එෆ්. සහ ඊ.ටී.එෆ්. ගෙවීම් සම්බන්ධ නෛතික තත්ත්වයන් ද සංශෝධනය කිරීමට කටයුතු කෙරේ.

READ:   අනවසර ඉදිකිරීම් ඉවත්කිරීම ගැන නීතිපතිගෙන් අධිකරණයට ප්‍රතිඥාවක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්