දේශීය

‘මන්කි පොක්ස් ‘ ගැන හරියටම දැනගමු

වසංගත අවදානමට – දැනුම් සූදානම !!

මෑතක් වන තෙක්ම මධ්‍යම සහ බටහිර අප්‍රිකානු කලාපයේ පමණක් දක්නට ලැබුණු, බෝවන රෝගයක් වන ‘මන්කි පොක්ස්‘ තත්වය ලොව විවිධ රටවල් ආක්‍රමණය කරමින් පැතිර යන්නට පටන්ගත් අවස්ථාවේ දී ම, ඒ පිළිබඳව මූලික කරුණු ඔබ වෙතගෙන එන්නට අප කටයුතු කලා.

රටවල් 75 කට පමණ ඉතා ඉක්මනින් මෙම රෝගයේ පැතිරීමත්, තහවුරු කල මරණ පහක් සමගින් 16,000 කටත් වඩා රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වීමත් සමඟම ලෝක සෞඛ්‍ය සංවිධානය මෙය ‘ගෝලීය මහජන සෞඛ්‍ය හදිසි තත්වයක්’ (Public Health Emergency of International Concern) ලෙස ප්‍රකාශයට පත් කරන්නට කටයුතු කලා.

අප රටෙන් තවම රෝගීන් වාර්තා වී නැතත් , ලංකාව අවට රටවල් කිහිපයකටම ‘මන්කිපොක්ස්’ ඇතුලු වී ඇති අවස්ථාවක නැවත වතාවක් ඔබේ දැනුම මෙලෙස යාවත්කාලීන කිරීම වැදගත් වනු ඇතැයි අප විශ්වාස කරනවා.

‘මන්කි පොක්ස්’ ආසාදිත පුද්ගලයෙකු සමඟ ඉතා සමීප ආශ්‍රය හරහා නිරෝගී අයෙකුගේ සිරුරට වෛරසය ඇතුලු විය හැකියි. රෝගය නිසා ඇතිවන බිබිලි හා තුවාලවල , අනෙකුත් ශාරීරික තරලවල, අසාදිත ශ්වසන බිඳිතිවල මෙන්ම ආසාදිතයා මෑතක දී භාවිතා කල ඇඳ ඇතිරිලි වැනි දෑ වලත් වෛරසය අඩංගු විය හැකි බව සඳහන්. එනමුත් මෙය ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝගයක් නොවේ. උණ, වසාගැටිති ඉදිමීම, මස් පිඩු වේදනාව, ශරීරයේ දැඩි විඩාපත්බව සමග , ඇතිවන බිබිලි මෙහි දී රෝග ලක්ෂණ ලෙස දක්නට ලැබෙනවා. ආසාදිතයෙකුට නිරාවරණය වී දින 5 – 21 කාලයක් රෝග ලක්ෂණ පහළ වීමට ගතවිය හැකියි. සාමාන්‍යෙයෙන් උණ ඇති වී දින 1-3 ගත වනවිට බිබිලි හටගැනීම සිදුවන අතර ප්‍රධාන වශයෙන් මුහුණත් දෑත් සහ පතුල්වලත් මේවා දකින්නට ලැබෙනවා. එමෙන්ම මුඛය, ලිංගික ප්‍රදේශ සහ ඇස් ආශ්‍රිත ශ්ලේෂ්මල වලත් වේදනාකාරී බිබිලි / තුවාල හටගන්නා අවස්ථා තිබෙනවා. මුලින්ම පැල්ලම් ලෙස මතුවී, බිබිලි , ගැටිති සහ දිය පට්ටා හෝ සැරව බිබිලි බවට පත්වෙන මෙම කුෂ්ඨ සුව වන විට සම මතුපිට කබොල්ලක් සෑදෙන අතර ඒවා ද සම්පූර්ණයෙන් හැලී යෑමෙන් පසුව ආසාදනය සුව වී ඇති බව නිගමනය කල හැකි වනවා.

මෙම රෝග ලක්ෂණ, පැපොල / අත් – පා – මුඛ රෝගය වැනි සුලබ වෛරස ආසාදන වලදීත් දැකිය හැකි නිසා නොපමාව වෛද්‍ය උපදෙස් ලබාගැනීම මෙන්ම , රෝග ලක්ෂණ ඇති වූ වහාම අන් අයගෙන් වෙන් වී සිටීමත් ඉතා වැදගත්. ‘මන්කි පොක්ස්’ සාමාන්‍යයෙන් සති 2-4 කාලයකින් ඉබේ සුවපත්වන (Self limiting) රෝගයක් වුවත් , ප්‍රතිශක්ති ඌණතා සහිත පුද්ගලයින්ට සහ කුඩා දරුවන්ට සංකූලතා ඇති වීමේ අවදානමක් පවතිනවා. මේ වනවිට මෙම වසංගතයේ මරණ අනුපාතය ගණනය කර ඇත්තේ 3 -6 % ලෙසයි. එමෙන්ම මෙම රෝගය බෝවීමේ වේගය, පැපොල / සරම්ප වැනි වෛරස් රෝග බෝවීමේ වේගය හා සැසඳූ කල ඉතා අඩු අගයක් බව දැක්වෙනවා.

පවත්නා අර්බුදකාරී වාතාවරණය හමුවේ මේ වසංගත අභියෝගයත් කෙලෙස හෝ ජයගැනීමට අපට සිදු වෙනවා. ඒ සඳහා අප විසින් ලබා දෙන මහජන සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් උපරිම සහයෝගය ලබා දීමට පුරවැසි ඔබ කටයුතු කරනු අතැයි අප බලාපොරොත්තු වෙනවා.

උපුටා ගැනීම

Recent Posts

ඉන්ධන සහනාධාරයක් -ජනපති ගම්පහදී කියයි.

‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…

9 hours ago

ඉන්ධන බලාගාර මාෆියාවේ කොමිස්වලට යටවූ වත්මන් රජය සූර්ය බලශක්තිය විනාශ කරන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනවා-විපක්ෂ නායක

බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…

9 hours ago

පොල්දූව මංසන්ධියේ දී සමගි ජන බලවේගය විසින් 22ට එරෙහිව සංවිධානය කර තිබූ උද්ඝෝෂණය

මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…

4 days ago

Colombo Dockyard Highlights Sri Lanka’s Maritime Capabilities on World Maritime Day 2026

Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…

4 days ago

පාස්කු ප්‍රහාර නඩුවේ විත්තිකරුවන් 15කට වරදකරු බවට තීන්දුවක් – 9ක් නිදොස් කොට නිදහස්

සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…

6 days ago

සීගිරියට අලුත් පෙනුමක්: ඩොලර් මිලියන 30ක සංචාරක සංවර්ධන ව්‍යාපෘතිය ඇරඹේ

ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…

1 week ago