Categories: දේශීය

ජනපති සහ චීන තානාපති අතර හමුවක්.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ චීන තානාපති චී ෂෙන්හොන්ග් (Qi Zhenghong) මහතා අතර හමුවක් අද (04) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

රනිල් වික්‍රමසිංහ මහතා වෙත සිය සුබපැතුම් පිරිනැමූ චීන තානාපතිවරයා දෙරටේ සබඳතා ශක්තිමත්ව ඉදිරියට පවත්වා ගෙන යාම පිළිබඳ සාකච්ඡා කළේය.

එක් චීනයක් ප්‍රතිපත්තියට ශ්‍රී ලංකාවේ අනුගතවීම මෙන්ම ස්වෛරීභාවය, භෞමික අඛණ්ඩතාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්ති මූලධර්මවලට ශ්‍රී ලංකාවේ කැපවීම වික්‍රමසිංහ මහතා මෙහිදී යළි අවධාරණය කරනු ලැබීය.

“වත්මන් ගෝලීය ආතතීන් තවදුරටත් උත්සන්න කරන ප්‍රකෝප කිරීම්වලින් රටවල් වැළකිය යුතුය. අන්‍යෝන්‍ය ගරුත්වය සහ රටවල් අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම සාමකාමී සහයෝගීතාවට සහ ගැටුම් ඇති නොවීමට වැදගත් පදනමක්” බව ද මෙහිදී සඳහන් කෙරිණ.

Recent Posts

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

1 day ago

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

2 days ago

ඉදිරිදින කිහිපයේ දී දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක්

තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…

3 days ago

ජලාශ ජල මට්ටම් ඉහළ ගියද ගංවතුර තත්ත්වයක් නැහැ – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…

3 days ago