Wednesday, July 29, 2026
Homeක්‍රීඩාශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර තීරණාත්මක තරඟය අද

ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර තීරණාත්මක තරඟය අද

2022 විස්සයි විස්ස ලෝක කුසලානයේ පළමු වටයේ ශ්‍රී ලංකාව සහභාගීවෙන අවසන් සහ තීරණාත්මක තරඟය ශ්‍රී ලංකා කණ්ඩායම සහ නෙදර්ලන්ත කණ්ඩායම අතර අද (20) පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා කණ්ඩායම තරඟාවලියේ සුපිරි 12 වටයට පැමිණීමට නම් අද තරඟය ජය ගැනීම අනිවාර්ය වෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර පසුගිය තරඟය අතරතුරදී අබාධයකට ලක්වීම හේතුවෙන් ඔහුට ලෝක කුසලානයේ ඉදිරි තරඟයන් අහිමි වූ අතර ඒ වෙනුවට කසුන් රාජිත සංචිතයට කැඳවීමට නියමිතයි.

අද තරඟයේ කාසිය වාසිය ශ්‍රී ලංකා කණ්ඩායම දිනාගත් අතර ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.

ඒ අනුව ශ්‍රී ලංකාවේ වේලාවෙන් තරඟය තව සුළු මොහොතකින් ( පෙ.ව 9.30ට ) ආරම්භ වෙනවා.

READ:   හරිහරන්ගේ ප්‍රසංගය යාපනය කළඹයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්