Thursday, July 23, 2026
Homeදේශීයසංගීත ප්‍රසංග සඳහා පැනවූ සීමාව වෙනස් කෙරේ..

සංගීත ප්‍රසංග සඳහා පැනවූ සීමාව වෙනස් කෙරේ..

සංගීත ප්‍රසංග පැවැත්වීමට පනවා තිබූ රාත්‍රී 10 සීමාව වෙනස් කළ බව සංචාරක හා ඉඩම් අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පවසනවා.

ටුවිටර් පණිවිඩයක් තබමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කරයි.

ඒ අනුව සිකුරාදා සහ සෙනසුරාදා දිනවල අලුයම 1.00 දක්වාත්, ඉරිදා දිනවල මධ්‍යම රාත්‍රී 12.30 දක්වාත් සංගීත ප්‍රසංග පැවැත්විය හැකියි.

ආගමික ස්ථාන හා රෝහල් වැනි ස්ථානවල සිට සාධාරණ දුරක් තබා ගත යුතු බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

READ:   ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභා පනත පිලිබඳව කෝප් කමිටුවෙන් නියෝගයක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්