දේශීය

අයහපත් කාලගුණයට ජීවිත දෙකක් බිලි

නිවාස 30ක පවුල්වලට පීඩා

හැටන් නගරය යට වෙයි හැටන්-කොළඹ ගමනාගමනයට බාධා

රත්නපුරත් මහ ගංවතුර මට්ටමේ

මධ්‍යම කඳුකරයට බලපෑ අයහපත් කාලගුණය හේතුවෙන් හැට හැවිරිදි කාන්තාවක් මිය ගොස් පස් හැවිරිදි දැරියක් අතුරුදන්වීතිබේ.

මධ්‍යම කඳුකරයට ඇදහැලෙන දැඩි වර්ෂාපතනය හේතුවෙන් පොල්පිටිය, හිටිගේගම, බොකරවැවිල ප්‍රදේශයෙන් ගලා යන කැලණි ගඟේ අතු ඇළ මාර්ගයක් තරණය කිරීමට ගොස් සැඩ පහරට හසුවූ මිත්තණියගේ (60) මළ සිරුර හා මිනිපිරියගේ (05) සිරුර සොයා ගැනිණි.

ලක්ෂපාන, පොල්පිටිය ඉහළ ප්‍රදේශයට ඇද හැලෙන අධික වර්ෂාවත් සමඟ පෙර පාසල් ගොස් සිටි මිනිපිරිය රැගෙන නිවසට පැමිණෙන අතරතුර හිටිගේගම පන්සල අසලින් ඇළ මාර්ය තරණය කිරිමට යෑමේ දී මොවුන් දෙදෙනා සැඩ පහරට ගසාගෙන ගොස් තිබෙන අතර ඊයේ (01) පස්වරුව වනවිට මිත්තණියගේ සිරුර සොයා ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. කෙසේ වුවද අතුරුදහන්ව ඇති මිනිභිරියගේ සිරුර සොයා ප්‍රදේශවාසින් සහ පොල්පිටිය පොලිසියේ නිලධාරින් එක්ව මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට ඊයේ (1) පැවැති අධික වැසි හේතුවෙන් හැටන්ඔය පිටාර ගැලීමෙන් වටවල නගරයේ පහත්බිම් රැසක පිහිටි නිවාස 30ක් පමණ ජලයෙන් යට වී ඇතැයි වටවල පොලිසිය පැවසීය.

පහත්බිම්වල පිහිටි සෑම නිවෙසකම අඩි 4 පමණ උසට ජලයෙන් යටවී ඇති අතර, එම නිවාසවල තිබු පදිංචිකරුවන්ගේ පෞද්ගලික භාණ්ඩ රැසක් වැසි ජලයෙන් විනාශ වී ඇති බව පොලිසිය පැවසීය.

අවතැන් වු පවුල් 30කට අයත් සමාජිකයන් ආරක්ෂිත ස්ථාන කරා යොමු කළ බව වටවල පොලිසිය ප්‍රකාශ කළේය.

හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල දියගල ප්‍රදේශයේ ස්ථාන කිහිපයකින්ම ප්‍රධාන මාර්ගයට පස් කදු කඩා වැටීම හේතුවෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු තාවකාලිකව ඇනහිටි බව නුවරඑලිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ රංජිත් අලහකොන් මහතා පැවසීය.

කළු ගඟේ ජල මට්ටම ඊයේ දහවල් වනවිට සුළු ගංවතුර මට්ටමකට ළඟාවූ අතර කළු ගඟේ ජල මට්ටම පෙරවරු 11ට පමණ පිටාර සීමාව වූ අඩි දාහත ඉක්ම වීය. මීට අමතරව කුරු, දෙනවක්, වේ, සහ නිරිඇලි යන ගංගාවල ජල මට්ටම් ද දහවල් සීග‍්‍රයෙන් ඉහළ ගියේය. කුරු ගඟේ ජල මට්ටම ඉහළ යාමෙන් කුරුවිට සිට එරත්න දක්වා දිවෙන මාර්ගය ස්ථාන කිහිපයකින් ජලයෙන් යටවිය. කුරුවිට පාතගම පාර ද ස්ථාන කිහිපයකින් ජලය යටවී වාහන ගමනාගමනයට බාධා එල්ල විය.

කළු ගඟ සහ එහි අතුගංගා ආශ්‍රිත ඉහළ ප්‍රදේශවලට ඊයේ අලුයම සිට ඇදහැලෙන මහ වැස්ස සමඟ ඊයේ සවස් යාමය වනවිට කළු ගගේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළ ගියේය.

රත්නපුර නගරයේ මුවගම පාලම අසල ඊයේ මධ්‍යාහ්න 12.00 වන විට ගංවතුර අවදානම පෙන්නන මීටර් 5.2 පසුකර පැයක කාලයක් තුළදී සුළු ගංවතුර අවදානම පෙන්වන මීටර් 7.5 සීමාව ද ඉක්ම ගොස් තිබුණේ දැඩි ආපදා අවදානමක් පෙන්වමිණි.

එම තත්ත්වය තුළ කළු ගඟ හැරුණු විට වේ ගඟ, කුරු ගඟ, හංගමුගඟ සහ දෙනවක් ගඟ ආශ්‍රිත ප්‍රදේශ ද ගංවතුර අවදානමට ලක්ව පැවැතිණි.

රත්නපුර වේවැල්වත්ත ප්‍රධාන මාර්ගයේ දෙගෙනකන්ද ප්‍රදේශයේ නායයාමක් නිසා එම මාර්ගයේ රථවාහන ධාවනයට බාධා පැමිණ තිබුණි.

මෙම ගංවතුර තත්ත්වය වඩාත් බලපා තිබුණේ රත්නපුර ඇලපාත, කුරුවිට, කිරිඇල්ල, කලවාන, නිවිතිගල සහ අයගම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශවලටය.

රත්නපුර මහ දිසාපතිනි මාලනී ලොකුපෝතාගම මහත්මියගේ උපදෙස් මත දිස්ත්‍රික් ආපදා කළමෙනාකරණ ඒකකය සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සම්බන්ධීකරණයෙන් යුතුව ගංවතුර තත්ත්වයෙන් ආපදාවට පත් ජනතාවට සහනාධාර සහ තාවකාලික නවාතැන් සපයා දීම සිදු කෙරිණි.

මධ්‍යම පළාතට ඇඳ හැළෙන අධික වර්ෂාව හේතුවෙන් කඳු කඩා වැටීම සහ ගල් පෙරළිමෙන් දුම්රිය මාර්ගය ද අවහිරවීමෙන් ඊයේ (1) කොළඹ කොටුව සිට බදුල්ල දක්වාත්, බදුල්ලේ සිට කොළඹ කොටුව දක්වාත් ධාවනය කිරීමට නියමිතව රාත්‍රී තැපැල් දුම්රිය අවලංගු කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

දුම්රිය මාර්ගයට ප්‍රදේශ කීපයක දී පස් කඳු කඩා වැටීම්, ගස් කඩා වැටීම් සහ විශාල ගල් පෙරලීමෙන් දුම්රිය මාර්ගය අවහිරවී ඇති බවත් කොටගල දුම්රිය ස්ථානය සහ තලවකැලේ දුම්රිය ස්ථාන අතර, රෝසැල්ල දුම්රිය ස්ථානය සහ වටවල දුම්රිය ස්ථානය අතර, වටවල දුම්රිය ස්ථානය සහ ගලබඩ දුම්රිය ස්ථානය අතර, ගලබඩ දුම්රිය ස්ථානය සහ ඉඟුරුඔය දුම්රිය ස්ථානය අතර, නානුඔය දුම්රිය ස්ථානය සහ ග්‍රේස්වෙස්ටන් දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගය අවහිර වී තිබේ. වටවල දුම්රිය මාර්ගයේ වටවල සහ ඉහළවටවල දුම්රිය ස්ථාන අතර විශාල ගල් පර්වතයක් දුම්රිය මාර්ගයට පෙරළී ඇතැයි ද නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය කියයි.

මේ අතර ලක්ෂපාන සහ කැනියොන් ජලාශවල වාන් දොරටු විවෘත කර තිබෙන අතර එම ලක්ෂපාන ජලාශයේ වාන් දොරටු තුනක් සහ කැනියොන් ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කර ඇත. ජලාශ දෙකේම වාන් දොරටු විවෘත කිරීම හේතුවෙන් කැළණි ගගේ ජල මට්ටම සීග්‍රයෙන් ඉහල යමින් පවතින බව නුවරඑලිය ආපදා කලමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්‍ෂ රංජිත් අලහකොන් මහතා පවසයි.

මේ අතර හැටන් නගර සභා සිමාවට අධික වැසි ඇදහැලීම හේතුවෙන් ආරක්ෂිත පැති බැම්මක් කඩා වැටී වෙලදසැල් දෙකකට හානි සිදුව තිබෙන අතර හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිපයකම පස් කදු සහ ගස් කඩා වැටිම හේතුවෙන් එම මාර්ගයේ රථ වාහන ධාවනයට ද බාධා එල්ල වී ඇත.

මහින්ද අලුත්ගෙදර, හැටන් රන්ජිත් රාජපක්ෂ, රත්නපුර ධර්මප්‍රිය ලියනආරච්චි, රත්නපුර ලසන්ත නිරෝෂණ පෙරේරා

උපුටා ගැනීම දිනමිණ පුවත්පත

Recent Posts

චෙන්නායි හි දී ගැටුමක් දුර දිග යාමෙන් යතුරුපැදියක ගමන් ගත් ශ්‍රී ලාංකික තරුණියක් මෝටර් රථයකින් හප්පා ඝාතනය කරයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ චෙන්නායි නගරයේ කොයම්බේඩු පාලම අසලදී සිදු වූ අනතුරකින් වයස අවුරුදු 18ක් වූ…

3 days ago

අඛණ්ඩව දෙවන වරටත් Developer of the year සම්මානයෙන් ප්‍රයිම් සමූහය ජාත්‍යන්තරය ඉදිරියේ අභිසෙස් ලබයි.

දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ දශක තුනක අත්දැකීම් සහිත ප්‍රයිම් සමූහය, 2026 වසරේ Real Estate Asia Awards…

3 days ago

ගල්අ­ඟුරු ආන­ය­න­යට රජයෙන් දැඩි රීති මාලා­වක්

ලබන වසර සඳහා ගල්අ­ඟුරු ආන­ය­නය කිරී­මේදී බාල ප්‍රමි­ති­යෙන් යුත් නිෂ්පා­දන රට තුළට ඇතු­ළු­වීම වැළැ­ක්වීම සඳහා…

3 days ago

බැසිල්ට තාමත් බැරිලු – තනි­වම ගුවන් ගම­නක යන්න තරම් සෞඛ්‍ය යහ­පත් නෑ

ටපු අමාත්‍ය බැසිල් රාජ­පක්ෂ මහතා අත්අ­ඩං­ගු­වට ගෙන අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කරන ලෙස නියෝග කර­මින් මාතර සහ…

3 days ago

ශ්‍රී ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සම්පාදනය කිරීම සඳහා පත් කළ විශේෂඥ කමිටුව ප්‍රථම වරට රැස්වෙයි.

"සහකම්පනයෙන් යුතු වෛද්‍යවරයෙකු බිහි කිරීමට හැකි නව මුහුණුවරක් ශ්‍රී ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනයට එක් කළ යුතුයි"…

7 days ago

උතුරේ දන්සල් පැවැත්වීම ගැන සමාජ මාධ්‍යයේ යන පුවත අසත්‍යයි. – උතුරු පළාත් ආණ්ඩුකාර

මෙවර වෙසක් සමය තුළ උතුරු පළාතේ දන්සල් පැවැත්වීමට සහ වෙසක් සැරසිලි කිරීමට උතුරු පළාත් ආණ්ඩුකාරවයා…

1 week ago