විශේෂාංග

සුචරිතා… මගේ දුව

සුචරිතා… මගේ දුව.. කාලයක් තිබුණා… අප්පච්චි කෙනෙක් වගේ සෙනෙබර.. සොහොයුරෙක් වගේ දයාබර.. යාළුවෙක් වගේ සුව සදන සහකරුවෙක් මටත් ලැබෙයි කියලා හීන දැකපු.. රෝස මලක් වගේ චූටි පැටික්කියක්ගෙ අම්මා කෙනෙක් වෙන්න මගේ දූ..ලට වගේම මටත් තිබුණා හීන මිටක්…

නමුත්.. මට තවම මතකයි .. කාරුණාව පෙරදැරි වුණ සෙනහස එදත් මේ සමාජයේ තිබුනෙ නැති තරම්… රාගයම අරමුණු වුන මත් කරන මොකක්දෝ උමතුවක් තමයි දකින්න තිබුනේ.. සසරේ කරපු මහා කුසලයකට දැනෙන්න තේරෙන්න ගත්තා… කාමය පිරුණු ගිහි දිවිය වෙහෙසක් බව… සසර පුරා අකුසල සිත් පුරුදු කරලා කරලා ඒවටම බැඳුණු හිත ඉපදෙන මැරෙන සසර මැද පංච කාමයට අසු වෙලා සසර අසරණ වෙන බව… සත්පුරුෂ හදවතක් මේ ලෝකේ නෑ..ම කියන්න මට බෑ.. ඒත් දන්නවා ද මගෙ දූ… බැඳීම් සුවපත් නම්.. මට කියන්න මගෙ දූ.. මහ රෑට ඔය තරම් කඳුළු හලන්නේ ඇයිද කියලා.. බෙහෙත් පෙති බොන්නෙ ඇයිද කියලා… මැරෙන්න හදන්නේ ඇයිද කියලා..? මට උත්තරයක් දෙන්න…මගේ දුව..

තව තව සසරට බැදෙන්න තව තව බැඳීම් එකතු කරගෙන මේ සසර ගමන යන්න හිතන්න එපා… ආදරය ආදරය කියලා මුලා වෙලා සිහි විකල් කරගෙන හුස්ම ටික ගියොත් මගෙ දුව හිතනවා ද.. මැරුණම සේරම ඉවරයි කියලා..? කොහිද ඉවර.. ඊළඟ උපතක් තියෙනවා ද්වේශ මුල් කරගෙන චුති සිත නික්මුණම උපත යහපත් නැහැ මගෙ දුවේ.. සමහර විට සතර අපායකට පවා අපිව අරගෙන යන්න ඒ හිතට පුළුවන්… එහෙම ගිහින් ගිහින්… නිරයකට වැටුනොතින්.. බුදු වරයෙක් ලොව පහල වෙනකම් විඳවන්න වෙනවා.. බුදු වරයෙක් ලොවට පහල වෙන්නම කොච්චර නම් කාලයක් යනවද…

ඇත්ත.. ජීවිතය ට තනිකම දැනෙනවා.. හිස තියන්න උරහිසක් ඕන කියලා හිතෙනවා… ඒත් අසත් පුරුෂ පපුවකට මුව තිබ්බොතින් පිරිහෙන කෙලවරක් අපට හොයන්න වෙන්නේ නැහැ මගෙ දුවේ… තනිකම දැනෙන්නේ… ආදරය ඕන වෙන්නේ ඉපදුන නිසා… රැවටෙන්නේ.. කඳුළු වැටෙන්නේ… වේදනාවෙන් නිදි වරන්නේ.. මත් පෙති ගන්නේ…. කොටින්ම ඔය පුංචි හිත ඔයතරම් විඳවන්නේ සසරේ යන්න හේතු හදන නිසා… පුළුවන් නම් ඔය කඳුළු පිහිදගෙන… මුහුණ සීත වතුරෙන් දොවා ගෙන…. සුවපත් තැනක් තෝරගෙන භාග්‍යවතුන් වහන්සේ මනසින් මවාගෙන… හදවතම බුදු කුටියක් කරලා භාග්‍යවතුන් වහන්සේ වඩමවන්න හද කුටියට…අහලා බලන්න… මගේ දූ..ට වැඩිපුරම සෙනහස භාග්‍යවතුන් වහන්සේ… ඒකයි සසරේ දුක් විඳ විඳ යන පුංචි නුඹ මම වෙනුවෙන් ලේ ඇට මස් නහර දං දීලා.. අනනත් අප්‍රමාණ දුක් විඳලා සම්මා සම්බුදු බව ලැබුවේ.. නිවෙන්න මාර්ගය දේශනා කලේ… දෙපද ගාථාවකින් ලබන්න තිබුණු නිවන අත හැරියේ… ඉතින් අපිට සෙනහස පුරුෂ රත්නය මහා වීරයාණන් වහන්සේ… එහෙම නැතිව තමන්ගේ පෙන්වතිය විරසක වුණාම පෞරුෂත්වය පවා හානි කරගෙන ලයිට් කණු වලට නගින දුර්වල හිත් නෙවෙයි…

සෙනහස නිමා වෙන්නේ, වස බීව තැනක.. කෝච්චියට බෙල්ල තියන තැනක.. පිහියකින් ඇණ ගත්ත තැනක .. බෙල්ලට වැලක් දාගත්ත තැනක නෙවෙයි… තම සහකරු හෝ සහාකාරියට සසර දුක කියලා දෙන තැනක.. යුතු කම් වගකීම් ඉටු කරන තැනක.. භාග්‍යවතුන් වහන්සේ ට දෙදෙනාම ජීවිතය පූජා කරන තැනක… තිසරණය සරණ යන තැනක… නිර්වාණය ස්පර්ශ වුණ තැනක… සසර නිමා කරපු තැනක.. එතන තමයි සියලු දුක් නිදහස් වුණ සුවපත්ම තැන…ඉතින්.. මගේ පින්වත් දුවේ…

ඒ උතුම් ගමන යන්න හදවතේ ආශිර්වාදය ම වේවා…!!!

සුචරිතා කියන්නේ.. මනා වූ චරිතයක් ඇත්තී… ඇත්තටම සුචරිතා කීවේ… යහ මග යන්න වෙර දරන මගේම අහිංසක දූලා හැමෝම වෙනුවෙන්…

නුවරඑළියේ ධම්මශ්වේතා මෙහෙණින් වහන්සේ.

උපුටා ගැනීම

Recent Posts

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන් රජයට ප්‍රසාදය

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…

20 hours ago

කාදිනල්තුමා හා ජනපති අතර හමුවක්. සිරිල් ගාමිණී ඇතුළු පියතුමන්ලාත් ඇවිත්පාස්කු විමර්ශන ප්‍රගතියත් කතාබහට

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…

20 hours ago

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

3 days ago

Gen Z නැගිටීමේ සිට ඩිජිටල් බලය දක්වා — රංග කලංසූරියගේ ‘The Youthquake’ එළිදකී

ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…

3 days ago

ලංගමට තවත් බස් 800ක් – මෙට්‍රෝ බස් 50කුත් එකතු වෙයි

සුභා­ෂිණී සේනා­නා­යක, නිමල් රාජ­පක්ෂ පොදු ප්‍රවා­හන සේවාවේ ප්‍රධාන භූමි­කා­වක් ඉටු­ ක­රන ලංගම තව­දු­ර­ටත් ශක්ති­මත් කිරී­මට…

3 days ago

පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් අපේ පූර්ණ සහයෝගය!- විපක්ෂ නායක

පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…

3 days ago