Thursday, July 23, 2026
Homeදේශීයඅධික වර්ෂාව නිසා දුම්රිය ගමනාගමනයට බාධා

අධික වර්ෂාව නිසා දුම්රිය ගමනාගමනයට බාධා

පවතින අධික වර්ෂාවත් සමඟ පස් කඳු සහ ගස් කඩා වැටීම හේතුවෙන් දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා.

කොටගල සහ තලවකැලේ දුම්රිය ස්ථානය අතර දුම්රිය මාර්ගය, රොසරැල්ල සහ වටවල දුම්රිය ස්ථානය අතර, ගලබඩ දුම්රිය ස්ථානය සහ වටවල දුම්රිය ස්ථානය අතර, ගලබඩ දුම්රිය ස්ථානය හා හිඟුරුඔය දුම්රිය ස්ථානය අතර, නානුඔය දුම්රිය ස්ථානය සහ ග්‍රේස්වෙස්ටන් දුම්රිය ස්ථානය අතර.. ආදී දුම්රිය මාර්ගවළ දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී තිබෙන බවයි දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය දන්වා සිටියේ.

කොළඹ කොටුව හා බදුල්ල අතර ගමන්ගන්නා දුම්රිය දෙකක් අධික වර්ෂාපතනය හේතුවෙන් ගමනාගමනය අවලංගු කිරීමට තීරණය කර ඇති බවද වාර්තා වනවා.

READ:   අණ ලැබී තිබුනේ ක්ලියර් කිරීමක් වෙනුවෙනි !
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්