Monday, April 20, 2026
Homeදේශීයකැප කිරීම් කරන්න පුලුවන් මිනිස්සු ඉන්න කොයි රටත් ලස්සනයි

කැප කිරීම් කරන්න පුලුවන් මිනිස්සු ඉන්න කොයි රටත් ලස්සනයි

අපේ නෝනා බයිසිකලේ ඉස්සරහා කූඩේ උඩ phone එක තියාගෙන කතා කර කර තමයි යන්නේ. මොකද ජපානයේ හැටියට phone එකෙන් කතා කර කර තනි අතින් බයිසිකල් පැදීම නීතියේ හැටියට තහනම් නිසා. එහෙම්ම සුපර් මාකට් එකට ගිහින් බඩු ගන්න අතරදි ” phone එක නෑ. ” කියලා මතක් වුනා. බයිසිකලේ කූඩේ උඩ තියපු ගමන් වෙන්න ඇති . පැය දෙකක් විතර ගිය නිසා phone එක ගැන ආසාව අත් හැරලා දුවලා ගිහින් බැලුවා. කූඩේ උඩ තිබුනේ පොඩි ලේන්සුවක්. ඒකට යටින් ලියුම් කැල්ලකුත් එක්ක phone එක තිබුනා. .

“誰かにとられるとこわいのでタオルかけました。タオルは適当に捨ててください”“කවුරු හරි අරන් යයි කියලා බයට ලේන්සුවෙන් වහලා තිබ්බා. ලේන්සුව වීසි කරලා දාන්න“කියලා ඒකේ ලියලා තිබුනා. පලමු මව්බිම ලංකාව. දෙවනු මවිබිම ජපානය. වෙන කියන්න දෙයක් නෑ. තව කෙනෙකු වෙනුවෙන් මේ තරම් කැප කිරීම් කරන්න පුලුවන් මිනිස්සු ඉන්නකම් කොයි රටත් ලස්සන වෙනවා.

★මහ උන් මාරු වි ගෙදර යාවි. . වෙන උන් ඒවි. ඒත් මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් වෙනකම් ලංකාවත් ලස්සන කරන්න බෑ. දේව ධර්මය දන්නේ නැති වුන්ට උගන්වන්න වෙනවා. පොඩි වුනට අම්මා තාත්තා ගහන්නේ තරවටු කරන්නේ හොද මගට ගන්න. ඒත් අපේ රටේ වැරදි කරන මහ උන්ට ඳඩුවම් කරන්න මහ එවුන්ට බෑ. ඒ උනුත් වැරදි කරන නිසා. හොරකම් කරන දූශන කරන එවුන්ට හරි ඳඩුවමක් දෙන්න පුලුවන් පාලනයක් එනකම් ලංකාව හදන්න බෑ.

✍️ Dushantha Ravindra Jayarathna さん🇯🇵🇱🇰

උපුටා ගැනිමකි

READ:   උඩුගම ‘මෝහිනී’ පොලිස් දැලේ
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්