Monday, September 14, 2026
Homeදේශීයඋණ්ඩියල් ක්‍රමයට මුදල් හුවමාරු කළ පුද්ගලයෙකු අත්තඩංගුවට

උණ්ඩියල් ක්‍රමයට මුදල් හුවමාරු කළ පුද්ගලයෙකු අත්තඩංගුවට

උණ්ඩියල් ක්‍රමය භාවිත කරමින් නීති විරෝධීව රුපියල් මිලියන 17 ක් වටිනා විදෙස් මුදල් හුවමාරු කළ පුද්ගලයෙකු කොක්මාදූව පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්තඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු ගල්බොක්ක ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 27 ක පුද්ගලයකු වන බවයි වාර්තා වන්නේ.

සැකකරු සන්තකයේ තිබී

ඇමරිකානු ඩොලර් – 18,208 ක් යූරෝ – 20,035 ක්, බ්‍රිතාන්‍ය පවුම් – 645 ක්, ජපන් යෙන් – 100000 ක් කටාර් රියාල් – 1000ක්, ඩිරාම් – 18,500 ක වශයෙන් මුදල් හමුවී තිබෙන අතර සැකකරු අද (28) දින මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

READ:   පාස්කු ප්‍රහාරය කරපු කෙනා තමන් දන්නා බවට මෛත්‍රීපාල සිදු කළ රට හොල්ලන ප්‍රකාශය (වීඩියෝ)
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්