විශේෂාංග

“ඉසිවරුන් බැස්ස”- ඉසින්බැස්සගල

“ඉසිවරුන් බැස්ස”- ඉසින්බැස්සගල රජමහා විහාරය

අද අපි කතා කරන්න යන්නේ සුවිශේෂි ගල්තලාවක පිහිටලා තියෙන විහාරයක් ගැන… ඒ නමින් ඉසින්බැස්සගල රජමහා විහාරයයි.. මේ සුවිශේෂි නම මේ භූමියට ලැබුනු එක ගැන ජනප්‍රවාදයේ මෙහෙම සදහන් වෙනවා.. ඍද්ධි බලයෙන් වැඩම කරන ලද ඍෂිවරු මෙම ගල්තලාව මතට බැසීම නිසා එය “ඍෂීන් බැස්ස ගල” ලෙස ද හඳුන්වා තිබෙනවා.. පසු කලක දී “ඍෂීන් බැස්ස ගල” ලෙසත්.. පසුව ” ඉසිවරුන් බැස්ස ගල” ලෙසත්, එය ව්‍යවහාරයේ දී “ඉසින්බැස්සගල” බවට පත්ව ඇති බවත් විශ්වාස කෙරෙනවා.. මේ විහාරය පිහිටලා තියෙන්නේ අඩි 530 කටත් වඩා උස, විශාල ගල් තලාවක් උඩයි. ඒත් මේ ගල් තලාව නගින්න ඒ තරම්ම අමාරු නෑ. මොකද ගල් තලාව නැගගෙන යනකොට ටික දුරක් යද්දී තායිලන්ත බුද්ධ ප්‍රතිමාවක් තැන්පත් කරපු, කුඩා ප්‍රමාණයේ ප්‍රතිමා ගෘහයක් හම්බ වෙනවා. මේ ප්‍රතිමාවත් පහු කරගෙන තවත් ඉස්සරහට යනකොට ගල් පඩිපෙලක් හම්බ වෙනවා. මේ ගල් පඩිපෙල නැග්ගම තමයි මේ විහාරස්ථානයට පිවිසෙන්න ලැබෙන්නේ..

මේ විහාරය මහින්දාගමනය සිද්ධ වුණු කාලයේ නිර්මාණය වුණු විහාරයක්. මහින්දාගමනයෙන් පස්සෙ ලංකාවේ නිර්මාණය වුණු දෙවෙනි චෛත්‍යය තියෙන්නේ මේ විහාරයේ. මේ විහාරයට ඉසින්බැස්සගල, ඉසිපතනාරාමය කියලා කියන්නේ ඈත අතීතයේ ඉදන්ම මේ ගල් තලාවේ ඍෂීන් සහ මහරහතන් වහන්සේලා වැඩ හිටපු නිසා. මිහිදු හාමුදුරුවන් අපේ රටට වැඩම කළායින් පස්සෙ මුලින්ම ආවේ මෙතනට කියලා ජනප්‍රවාදයේ සදහන් වෙනවා… ඒ වෙලාවෙ මෙතන හිටපු ඍෂීන් සහ මහරහතුන් එක්ක කතා බහ කරලා තමයි මිහින්තලාවට වැඩියේ කියලා සදහන් වෙනවා… පුරාවිද්‍යාත්මක සධක පිරි භූමියක්…කොළඹ – සිට යාපනය මාර්ගයේ මැදවච්චියට ගොස් එතැනින් වමට හැරී පදවි ශ්‍රී පුර මාර්ගයේ ගමන් කළ විට නෙත ගැටෙන වම් පසින් ඉතා උස් ගල් තලාවක් මත පිහිටි සුදෝ සුදු පාටින් බබළන දර්ශනීය චෛත්‍යය රාජයාණන් වහන්සේ නමක් ලෙස අපිට මෙය හදුන්වන්න පුලුවන්…

පින්තූර මුල්හිමිකරු සතුයි

උපුටා ගැනීම

Recent Posts

අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් යැවූ සම්පූර්ණ පණිවිඩය

මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…

1 day ago

නගර සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක වීමට නියමිත “Life Cities” ව්‍යාපෘතිය අගමැති ප්‍රධානත්වයෙන් ජනගත කෙරේ

2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…

2 days ago

ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top Solar ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට මූලික සාකච්ඡා ඇරඹේ

මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…

2 days ago

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන් රජයට ප්‍රසාදය

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…

4 days ago

කාදිනල්තුමා හා ජනපති අතර හමුවක්. සිරිල් ගාමිණී ඇතුළු පියතුමන්ලාත් ඇවිත්පාස්කු විමර්ශන ප්‍රගතියත් කතාබහට

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…

4 days ago

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

6 days ago