විශේෂාංග

“ඉසිවරුන් බැස්ස”- ඉසින්බැස්සගල

“ඉසිවරුන් බැස්ස”- ඉසින්බැස්සගල රජමහා විහාරය

අද අපි කතා කරන්න යන්නේ සුවිශේෂි ගල්තලාවක පිහිටලා තියෙන විහාරයක් ගැන… ඒ නමින් ඉසින්බැස්සගල රජමහා විහාරයයි.. මේ සුවිශේෂි නම මේ භූමියට ලැබුනු එක ගැන ජනප්‍රවාදයේ මෙහෙම සදහන් වෙනවා.. ඍද්ධි බලයෙන් වැඩම කරන ලද ඍෂිවරු මෙම ගල්තලාව මතට බැසීම නිසා එය “ඍෂීන් බැස්ස ගල” ලෙස ද හඳුන්වා තිබෙනවා.. පසු කලක දී “ඍෂීන් බැස්ස ගල” ලෙසත්.. පසුව ” ඉසිවරුන් බැස්ස ගල” ලෙසත්, එය ව්‍යවහාරයේ දී “ඉසින්බැස්සගල” බවට පත්ව ඇති බවත් විශ්වාස කෙරෙනවා.. මේ විහාරය පිහිටලා තියෙන්නේ අඩි 530 කටත් වඩා උස, විශාල ගල් තලාවක් උඩයි. ඒත් මේ ගල් තලාව නගින්න ඒ තරම්ම අමාරු නෑ. මොකද ගල් තලාව නැගගෙන යනකොට ටික දුරක් යද්දී තායිලන්ත බුද්ධ ප්‍රතිමාවක් තැන්පත් කරපු, කුඩා ප්‍රමාණයේ ප්‍රතිමා ගෘහයක් හම්බ වෙනවා. මේ ප්‍රතිමාවත් පහු කරගෙන තවත් ඉස්සරහට යනකොට ගල් පඩිපෙලක් හම්බ වෙනවා. මේ ගල් පඩිපෙල නැග්ගම තමයි මේ විහාරස්ථානයට පිවිසෙන්න ලැබෙන්නේ..

මේ විහාරය මහින්දාගමනය සිද්ධ වුණු කාලයේ නිර්මාණය වුණු විහාරයක්. මහින්දාගමනයෙන් පස්සෙ ලංකාවේ නිර්මාණය වුණු දෙවෙනි චෛත්‍යය තියෙන්නේ මේ විහාරයේ. මේ විහාරයට ඉසින්බැස්සගල, ඉසිපතනාරාමය කියලා කියන්නේ ඈත අතීතයේ ඉදන්ම මේ ගල් තලාවේ ඍෂීන් සහ මහරහතන් වහන්සේලා වැඩ හිටපු නිසා. මිහිදු හාමුදුරුවන් අපේ රටට වැඩම කළායින් පස්සෙ මුලින්ම ආවේ මෙතනට කියලා ජනප්‍රවාදයේ සදහන් වෙනවා… ඒ වෙලාවෙ මෙතන හිටපු ඍෂීන් සහ මහරහතුන් එක්ක කතා බහ කරලා තමයි මිහින්තලාවට වැඩියේ කියලා සදහන් වෙනවා… පුරාවිද්‍යාත්මක සධක පිරි භූමියක්…කොළඹ – සිට යාපනය මාර්ගයේ මැදවච්චියට ගොස් එතැනින් වමට හැරී පදවි ශ්‍රී පුර මාර්ගයේ ගමන් කළ විට නෙත ගැටෙන වම් පසින් ඉතා උස් ගල් තලාවක් මත පිහිටි සුදෝ සුදු පාටින් බබළන දර්ශනීය චෛත්‍යය රාජයාණන් වහන්සේ නමක් ලෙස අපිට මෙය හදුන්වන්න පුලුවන්…

පින්තූර මුල්හිමිකරු සතුයි

උපුටා ගැනීම

Recent Posts

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

2 days ago

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

3 days ago

ඉදිරිදින කිහිපයේ දී දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක්

තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…

4 days ago

ජලාශ ජල මට්ටම් ඉහළ ගියද ගංවතුර තත්ත්වයක් නැහැ – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…

4 days ago