සිය නිෙවසේ සේවය කළ මෙහෙකාරියට උපන් බිලිඳාගේ හුස්ම සිර කර ඝාතනය කර සිරුර ළිඳකට විසිකිරීමට කටයුතු කළ මහනුවර මහ රෝහලට අනුයුක්තව සේවය කරන වෛද්‍යවරයකුව මඩකලපුව පොලිසියේ නිලධාරීන් විසින් පෙරේදා (25) අත්අඩංගුවට ගෙන තිබේ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 36ක් වන සයින්දමරුදු කල්‍යාණ පාරේ පදිංචිකරුවෙක් වන වෛද්‍යවරයෙකි.
මෙම වෛද්‍යවරයාගේ බිරියද වෛද්‍යවරියකි. දෙදෙනාම මඩකලපුව රෝහලේ සේවයේ නිරතව සිටියදී මෙම අපරාධය සිදුව ඇත්තේ 2017 වසරේ මාර්තු 26 වෙනිදාය.
වසර 4ක කාලයක් ඔවුන් දෙදෙනා මඩකලපුව රෝහලේ සේවයකර ඇති අතර පදිංචිව සිට ඇත්තේ මඩකලපුව උඩුමහල පාරේ කුලී නිවසකය. එම නිවසේ වසය අවුරුදු 38ක් වූ කාන්තාවක් නේවාසිකව සේවයේ නිරතව සිට ඇති බව පොලීසිය කියයි. ළිඳට දමා ඇත්තේ ඇයට උපන් බිලිඳාය.
මෙහෙහෙකාරිය අම්පාර මධ්‍යම කඳවුරේ පදිංචි කාරියකි. ඇය සිය සැමියාගෙන් වෙන්ව ජීවත්වන තැනැත්තියක් බවත් වෛද්‍යවරයාගේ බිරිය රාත්‍රී සේවයේ නිරතව සිටි අවස්ථාවකදී මෙහෙකාරිය සමඟ වෛද්‍යවරයා ඇති කරගත් සම්බන්ධතාවක් මත ඇය පිළිසිඳගෙන ඇති බවත් පොලීසිය කියයි. ඒ බව වෛද්‍යවරියට දැන ගැනීමට ඉඩ නොතබමින් ඇය සිරුරට තද වෙන්න යට ඇඳුම් අදමින් ඇයගේ සිරුරට වඩා විශාල ඇදුම් උඩ ඇදුම් ලෙස අඳිමින් සිට ඇති බව පොලීසිය කියයි.
2017 වසරේ මාර්තු 26 වැනිදා වෛද්‍යවරයාගේ බිරිය රාත්‍රී සේවයට ගොස් සිටියදී මෙහෙකාරිය බිලිඳා ප්‍රසූතකර ඇති බවත් ඊට සහය වී ඇත්තේ වෛද්‍යවරයා බවත් පොලීස් විමර්ශනවලින් අනාවරණය වී තිබේ. වෛද්‍යවරයා බිලිඳාගේ මුවත් නාසයත් අතින් වසාගෙන සිට මරණයට පත් කර මළ සිරුර රෙදි කැබැල්ලක ඔතා එය කලපුවට විසිකරන ලෙස මෙහෙකාරියට දී ඇතැයි පොලීසිය සඳහන් කරයි. ඇය ඒ වන විට දැඩි වේදනාවකින් ඇවිද ගැනීමට නොහැකි තත්ත්වයෙන් සිටි බැවින් මළ සිරුර නිවසින් පිටතට රැගෙන ගොස් බීමට ජලය ගන්නා ළිඳට විසිකර තිබේ. වෛද්‍යවරයාගේ බිරිය මධ්‍යම රාත්‍රීයේ නිවසට පැමිණ ඇති අතර මෙහෙකාරිය සිට ඇත්තේ නිවසට පිටින් ඇති කාමරයකය. ඇය පසුදින උදෑසන අවදි නොවී සිටීම හේතුවෙන් වෛද්‍යවරයාගේ බිරිය ඒ ගැන විමසීමේදී කාමරයේ රුධිරය විසිරී තිබෙනු දැක ඒ ගැන ඇගෙන් ප්‍රශ්න කිරීමේදී දරු ප්‍රසූතිය ගැන තොරතුරු අනාවරණය වී ඇත. අනතුරුව මෙහෙකාරියව රෝහල්ගත කිරීමට වෛද්‍යවරයාගේ බිරිය පියවර ගෙන ඇති ඇත. එහිදී ඇයව පරීක්ෂා කළ වෛද්‍යවරු සඳහන් කර ඇත්තේ ගබ්සාවක් සිදුව ඇති බවකි. ඒ සම්බන්ධයෙන් ඇයට ප්‍රතිකාර දීමෙන් අනතුරුව වෛද්‍යවරයාගේ බිරිය ඇයට ගෙවිය යුතු වැටුප් ඇතුළු සියලුම දීමනා ගෙවා දැමීමෙන් පසු අම්පාර බලා පිටත්කර යවා තිබේ.
දින කිහිපයකට පසු බීමට ජලය ගන්නා ළිදෙන් සතෙකුගේ කුණු ගඳක් හැමීම හේතුවෙන් වෛද්‍යවරයා ළිං ඉසින පුද්ගලයෙක් යොදවා 2017 මාර්තු 31 වෙනිදා එම ළිඳ ඉස ඇති බවත් එහිදී නරක් වූ බිලිඳු සිරුර හමු වී ඇති බවත් පොලිසිය සඳහන් කළේය.
ඒ අනුව පොලිසිය විමර්ශන පවත්වා වෛද්‍යවරයාගේ නිවසේ මෙහෙකාරියගෙන් ප්‍රශ්න කර ඇයව අත්අඩංගුවට ගෙන තිබේ. පසුව එම බිලිඳා ඇගේම දැයි තහවුරුකර ගැනීමට ඩී.එන්.ඒ පරීක්ෂාවක්ද කර ඇත. ඒ අනුව මළ සිරුර ඇයට දාව උපන් බිලිඳාගේ බව තහවුරුකරගෙන තිබේ. ඒ අනුව නැවතත් මෙහෙකාරියගෙන් ප්‍රශ්න කිරීමේදී ඇය සඳහන් කර ඇත්තේ එම බිලිඳා වෛද්‍යවරයාට දාව ඇයට උපන් බවය. වෛද්‍යවරයා එය එක හෙලා ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් පොලීසිය වෛද්‍යවරයාවද ඩී.එන්.ඒ. පරීක්ෂාවකට ලක්කර තිබේ. එහිදී තහවුරු වී ඇත්තේ එම බිලිඳාගේ පියා වෛද්‍යවරයා බවය. එම ඩීඑන්ඒ වාර්තාව ලැබීමෙන් පසු මෙහෙකාරියගෙන් නැවත කළ ප්‍රශ්න කිරීමේදී ඇය සියල්ල පවසා ඇත. බිලිඳාගේ පශ්චාත් මරණ පරීක්ෂණයෙන්ද තහවුරු වී ඇත්තේ හුස්ම සිර කිරීමෙකින් මරණය සිදුවී ඇති බවය. ඒ අනුව වෛද්‍යයවරයාව අත්අඩංගුවට ගැනීමට පියවර ගත් බව පොලිසිය සඳහන් කළේය.
මඩකලපුව මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක හෙට්ටිආරච්චි මහතාගේ උපදෙසින් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සරත් චන්ද්‍රකුමාර මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් මෙම විමර්ශනය මෙහෙයවා තිබුණි.
ගයාන් කුමාර වීරසිංහ
උපුටා ගැනීම – දිනමිණ පුවත්පත
Veteran Sri Lankan actor Mahendra Perera has won the Best Actor award at the Malaysia…
ශ්‍රී ලාංකික ප්‍රවීණ රංගන ශිල්පී මහේන්ද්‍ර පෙරේරා 2026 වසරේ Malaysia Golden Global Awards සම්මාන උළෙලේ…
London, United Kingdom Sri Lankan educator, keynote speaker, and Presidential and State Award recipient Ms.…
අධ්‍යාපනය, නායකත්වය සහ නිපුණතා සංවර්ධනය යන ක්ෂේත්‍රයන්හි සිදු කළ විශිෂ්ට දායකත්වය වෙනුවෙන් බර්නඩින් ජයසිංහ (Ms.…
ජන ජීවිතය තුළ ක්‍රීඩාව සංස්කෘතියක් බවට පත් කිරීම සඳහා ආකල්පමය වෙනසක් ඇති කළ යුතු බවත්,…
අමෙරිකාව විසින් අද(24) සිට බලාත්මක කරනු ලබන නව ආනයන තීරුබදු පැනවීමට මුහුණ දෙන වෙළෙඳ පාර්ශ්වකරුවන්…